EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

America: The Motion Picture (2021) | ඇමෙරිකානු නිදහස් සටන

මෙම චිත්‍රපටය 2021 වසරේ මැට් තොම්සන්ගේ අධ්‍යක්ෂණයෙන් Netflix වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇනිමේටඩ් චිත්‍රපටයක්. කුඩා කල යුතු සිටම හොඳම මිතුරන් සේ සමීපව ආශ්‍රය කල ඒබ්‍රහම් ලින්කන් සහ ජෝර්ජ් වොශින්ටන් ගේ සිහිනය වූ ඇමෙරිකාව ගොඩනැගීමේ වගකීම ඒබ්‍රහම් ලින්කන්ගේ මරණයත් සමග ජෝර්ජ් වොශින්ටන් මත පැටවෙයි.

තරුණ ජෝර්ජ් වොශින්ටන් ඒ සඳහා කණ්ඩායමක් නිර්මාණය කර ඇමෙරිකාව බිහිකිරීම උදෙසා සටන් වදින ආකාරය ඉතිහාස සිදුවීම් ඉතාමත් විනෝදජනක හා සටන් වලින් පරිපූර්ණව ලෙස දක්වමින් මෙම සිනමාපටය නිර්මාණය වී ඇත. මෙහිදී ජෝර්ජ් වොශින්ටන්ට හඬ කවනු ලබන්නේ ප්‍රසිද්ද නලු Channing tatum වීමද විශේශත්වයක්.

පැය එකහාමාරකට ආසන්න කාලයක් ඉතා විනොදයෙන් යුතු මෙම චිත්‍රපටය නැරඹීමට ඔබ සැමට ආරාධනා.

Comments