EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAmmu (2022) | “ශාපයක් වූ කසාදය”
Ammu (2022) Sinhala Sub
Ammu (2022) Sinhala Subtitle
Ammu (2022) Sinhala Subtitles
Aishwarya Lekshmi (Amudha) , Naveen Chandra (Ravi) , Bobby Simha (prabhu) වගේ දක්ෂ නළු නිළියො පිරිසක් රංගනයෙන් දායක වෙන මේ කතාවෙ නම තමා AMMU. තෙළිඟු , කන්නඩ , දෙමළ ෆිල්ම් වල සාමාන්‍යයෙන් තියෙන energy එක බලාගන්න වෙන්නෙ නැති හුදෙකලාව , තනිකම , පාළුව අපිට දැනෙන චරිත පමණක් මූලික කරගත්තු ෆිල්ම් ගැන මගෙ යාළුවො දන්නවා ඇති..ඒවගේම ඒවා ගොඩක් ලස්සන බව අත්දැකලා ඇති..උදාහරණයක් විදිහට, 96 , Dia , Majili , Bhramam වගේ ෆිල්ම් ගත්තාම ඒක හොඳටම දැනෙනවා…
ඉතින් 2022 අලුතින්ම නිකුත් උන මේ තෙළිඟු ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත්…
අමුදා එහෙමත් නැත්තන් අම්මු කියන්නෙ සාමාන්‍ය කෙල්ලෙක්.මෙයා විවාහ වෙන්නෙ අසල්වැසි කෙනෙක් එක්ක. එයාගෙ නම රවී. එයා පොලිස්නිලදාරියෙක්. කසාදෙ හරිම සතුටින් වගේම සතුටින් දවස් ගෙවිලා යද්දි එක දවසක් අම්මුට එයාගෙ දවල් කෑම එක ගෙනියන්න අමතක වෙනවා..එතන ඉඳන් තමයි කසාදෙ දෙදරන්න පටන් ගන්නෙ.ඉතින් මේ පිස්සු සැමියා අම්මුට හැමදාම බයිනවා වගේම ගහනවා..දවසක් අම්මු දැනගන්නවා එයා ප්‍රෙග්නට් වෙලා කියලා..ඒත් එයා ඒක රහසක් විදිහටම තියාගන්නවා..මෙයාට පොලිස් ස්ථානයේදි ඇපමත ඉන්න හිරකාරයෙක්ව හම්බෙනවා..ඉතින් අම්මු එයත් එක්ක එකතු වෙලා මේ පිස්සු සැමියට හොඳ පාඩමක් උගන්නන්නයි යන්නෙ..ඉතින් ඒ පිස්සු සැමියා රවීට මොකද උනේ? අන්තිමේදි අම්මුට සාදාරණයක් ලැබුනද?
ඉතුරු ටික අපි බලමු කතාවෙන්ම…♥️
ඉතින් ජීවිතේට දෙයක් ගන්න පුළුවන් මේ කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා වගේම, අදට මම සමුගන්නවා…ඒවගේම මේ ගැන ඔයාගෙ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙමු..අදට ගිහින් එන්නම් ඔබට ජය වේවා!…
මම ගිහාන්…







