EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAn Affair to Die For (2019) | මැරෙන්න වටින අනියම් සම්බන්ධය…
අද ඔයාලට මම අරගෙන ආවෙ අකාලික පොදු මාතෘකාවක් ගැන හැදුනු කතාවක් අරගෙන. අකාලිකයි කිව්වෙ ලෝකය බිහිවූ දා පටන්ම මිනිසුන් තමන්ට ලැබුණු දෙයින් නොසෑහී තම ඉන්ද්‍රියයන් සන්තර්පණය කිරීම සඳහා තහනම් පෙමක් හෙවත් අනියම් සබඳතා වල සුව සෙවීමට පුරුදු වෙලා හිටියා, ඉන්නවා, ඉඳීවි. හැමෝම නෙවෙයි, යම් අය. ඉතිං ඒවගේ දෙයකින් ජීවිත කීයක් අවාසනාවන්ත ඉරණම් වලට ගොදුරු වෙනවද? තමන්ට ආදරය කරන තමන්ව විශ්වාස කරන තමන්ගේම බිරිඳ, සැමියා, තම දරුවන්, දෙමාපියන් ඇතුළු ගොඩක් අයට ද්‍රෝහි වෙමින් ඔවුන්ව රවටමින් කරන මේ රංඟන එළිවූ දවසට ජීවිත කීයක් විනාශ වෙනවද, එදිනෙදා පත්තර වල ප්‍රවෘත්ති වල මේවගේ දේවල් කොච්චර පෙන්වනවද, ඒකයි මේක පොදු මාතෘකාවක් වෙන්නෙ.
ඉතිං යාළුවනේ මේකත් ඒවගේම අනියම් සම්බන්ධයක් ගැන ගෙතිච්ච කතාවක්. හෝලි කියන්නෙ වෛද්‍ය විද්‍යාලයක ඉන්න මහාචාර්ය වරියක්, ඇය අවුරුදු 40-50 අතර වයසක පසුවෙනවා. එවරට් කියන්නෙ ඇයගෙ ශිෂ්‍යයෙක්, ඔහු පුහුණු වෛද්‍යවරයෙක් වීම සඳහා පුහුණු වෙනවා. ඉතිං මේ වෙද්දි මේ දෙන්නා ආතර මාස හයකට කලින් අනියම් සම්බන්ධයක් ඇතිවෙලා තියෙන්නෙ. මේ දෙදෙනාම විවාහක අය. මෙයාලා ගෙවල් වලට බොරු කියකියා රහසින් හමුවීමට විවිධ තැන් වලට යනවා. හැම බොරුවකටම ආයුෂ අඩුයි කියනවා වගේ මෙයාලගෙ මේ වැඩෙත් හෝලිගෙ සැමියට දැනගන්න ලැබෙනවා. ඉතිං ඒ කිසිවක් නොහඟවන ඔහු රහසින් යම් සැලසුමක් හදනවා ඔවුන්ට පාඩමක් උගන්වන්න. ඉතිං එයා මොකක්ද හදන සැලසුම, ඒවගෙ අවසන් ප්‍රතිඵල මොනවද, අවසානයෙදි මොකද වෙන්නෙ කියන දේවල් දැනගන්නනම් කතාව බලන්නම වෙනවා.






