EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Anaconda (2024) | බිහිසුණු රාක්ෂයෙකුගේ පුරාවෘත්තය

මේක 1997 නිකුත් උන පළමු Anaconda චිත්‍රපටයේ චීන රීමේක් කියලා තමයි සඳහන් වෙන්නේ. මටත් අහම්බෙන් තමයි මේ ෆිල්ම් එක ගැන දැනගන්න ලැබුනේ. ඔයාලා භයානක සත්තු ඉන්න ෆිල්ම්ස් බලන්න කැමති කෙනෙක්නම් විශේෂයෙන්ම ඔයා ඇනකොන්ඩා චිත්‍රපට මාලාවේ රසිකයෙක්නම් බය නැතුව මේක බලන්න කියලා නිර්දේශ කරනවා. ඔබ 80, 90 දශකයේ ඉපදුන කෙනෙක්නම් අපේ රටේ වගේම මුළු ලෝකෙම ඇනකොන්ඩා උන්මාදය ඇති කරන්න Anaconda (1997) චිත්‍රපටය සමත් උන බව ඔබට මතක ඇති. ඒ නිසාම ඇනකොන්ඩා පාදක කරගෙන චිත්‍රපට මාලාවක්ම නිකුත් උනා. ඒ අතරින් Anacondas: The Hunt for the Blood Orchid (2004), Anaconda 3:Offspring, (2008), Anacondas: Trail of Blood (2009) වගේ නිර්මාන ගොඩක් ජනප්‍රිය වෙන්න සමත් උනා.

Anaconda (2024) චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් පාඩු ලබමින් කරගෙන යන සර්කස් එකක ඉන්න කණ්ඩායමකට තායිලන්තය හරහා ඇමරිකාවට යන්න අවස්ථාව හිමිවෙනවා. වැසි වනාන්තරයක් මැදින් තියෙන ගඟක් හරහා බෝට්ටුවක් ඔස්සේ තමයි මෙයාලට තායිලන්තයට යන්න වෙන්නේ. මේ ගමන යද්දි කවුරුත් නොහිතන දේවල් වගේම භයානක පුරාවෘත්තයකටත් මෙයාලට මූණ දෙන්න වෙනවා. මේ චිත්‍රපටය මුල් නිර්මාණය ආභාෂයෙන් කරපු චීන නැවත නිෂ්පාදනයක් කියලා මම කිව්වනේ. ඒ නිසා ඇනකොන්ඩා පළවෙනි චිත්‍රපටියේ තිබුන සමහර දර්ශන වලට සමාන දර්ශන කීපයක්ම බලාගන්න පුළුවන් වෙයි. ඒත් චිත්‍රපටයේ කතාව සහ අවසානයනම් කලින් චිත්‍රපටයට වඩා ගොඩක් වෙනස් කියලත් කියන්න ඕන.

Anaconda (2024) චිත්‍රපටය මේ වෙද්දි 5.6ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Adventure / Horror යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Xiang Qui Liang සහ Xiang He Sheng කියන අධ්‍යක්ෂකවරු දෙන්නා. රංගනයෙන් දායක වෙන්නේ අපිට වැඩිය හුරුපුරුදු නැති චීන ජාතික රංගන ශිල්පීන් පිරිසක් තමයි. චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා තියෙන්නේ මාර්තු මස 1වෙනිදා. චිත්‍රපටයේ ආදායම් වාර්තා ගැන නම් සඳහන් වෙන්නේ නෑ. මේ සලරුව ඇමරිකාව තුළ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ කොලොම්බියා පික්චර්ස් ආයතනය යටතේ තමයි. කලින් චිත්‍රපට නරඹපු අයනම් දන්නවා පලවෙනි චිත්‍රපටය හැරෙන්න අනිත් චිත්‍රපටවල පරිගණක සජීවිකරණය හොඳ මට්ටමක තිබුනේ නෑ. නමුත් මේ චිත්‍රපටය වෙනුවෙන්නම් VFX තාක්ෂණය ඉතා හොඳින් භාවිතා කරලා තිබෙනවා කියලත් කියන්න ඕන. එහෙනම් ඉතිං තවත් විස්තර ඕන නෑ පැරණි මතකය අළුත් කරගන්නත් එක්ක ඔයාලා මේක නරඹලා කොමෙන්ටුවක් දාගෙන යන්න.

Comments

April 22, 2024

ade aththtama patta a. digatama karagena yanna. jayawewa

July 22, 2025

Me aluth update ekata man kamathi na mokada kalin eke film ekw photo dala thibba meke na