මැර බලය

මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ වයස අවුරුදු 24ක තරුණයෙක් වෙන ‘අජේ චන්ද්‍රන්’ වටා. නගරයේ තියෙන දරුණු පාතාල ලෝකයට මැදිවෙන අජේ, තමන්ගේ අතීතයට තියෙන පක්ෂපාතීත්වයත්, කොහොමහරි ජීවත් වෙන්න තියෙන දැඩි ආශාවත් අතර ලොකු අරගලයක නිරත වෙනවා. එක පැත්තකින් හතුරෝ ඔහුව වටකරද්දී, අනිත් පැත්තෙන් තමන් විශ්වාස කරපු අයම ඔහුට ද්‍රෝහි වෙනවා. මේ හැමදේම මැද්දේ ඔහුව සම්පූර්ණයෙන්ම ගිලගන්න හදන අඳුරෙන් තමන්ගේ ආත්මය බේරගන්න අජේ කරන බිහිසුණු සටන තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ. අජේ මේ තත්වෙට ඇද වැටෙන්න හේතුව වුනේ එයාගෙ පෙම්වතියද?
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුජිත් එස්. නායර් (Sujith S. Nair) විසින්. කතාවේ තිර රචනය සඳහා ඔහුත් එක්ක ජී. අනිල් කුමාර් (G. Anil Kumar) එකතු වෙලා තියෙනවා. ඒ වගේම අම්බිකා (Ambika), නන්දු ආනන්ද් (Nandu Anand) සහ අඛිලේෂ් බාලා (Akhilesh Bala) යන ශිල්පීන් මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා.

Comments

September 5, 2026

Good