EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ant-Man and the Wasp: Quantumania (2023) | “කුහුඹු මිනිසාගේ නැවත ආගමනය”

Phase 5 එකේ ආරම්භය විදිහට Quantumania එක බලපුවාම හිතුණා Marvel එක හරි ට්‍රැක් එකට වැටීගෙන ආයි එනවා කියලා. මොකද Phase 4 එකේ අවසානේ Wakanda Forever එකත් එක්ක මේ අලුත් Phase එක හොඳ දෙයක් කරන්න ලෑස්ති වෙනවා කියලා තේරුණා.

 

ස්‍ටොරිය පොඩි දෙයක් වටේට ගෙතිලා තිබුනත් ඒ පොඩි ස්ටොරිය ඇවෙන්ජස් Secret War එකට ආරම්භයක් කියලත් කියන්න පුලුවන්.. Ant man කලින් ආපු ෆිල්ම් 2කට වඩා මේපාර වෙනසක් කරලා තියෙනවා…කාලෙට පස්සේ Marvel එකෙන් ආපු කතාවක හොද CGI සහ Visual effects දැකගන්න පුලුවන් වුණා… CGI එහෙම හොඳටම තියෙනවා… Guardian of Galaxy ෆිලුමක් බැලුවා වගේ  හැගීමක් එන්නේ. ඒ තරම් Visual effects හොඳටම තියෙනවා…

ඒවගේම මේකේ ප්‍රධාන දුෂ්ටයා වෙන්නේ කැන්ග්. තව Marvel කොමික්වල ඉන්න දුෂ්ටයෙක් වෙන මෝඩොක්ව දකින්නත් ඔයාලට අවස්ථාව ලැබෙනවා..

ඒවගේම Phase 4 එකේ ආපු සීරිස් වල සමහර තැන් උන හේතුවත් Quantumania එකේ නිකන් පෙන්නලා දීලා තියනවා..

*Ms: Marvel -: සාමාන්‍ය මිනිස්සු කොහොමද අභ්‍යාවකාශේ උන End Game එකේ Battle එක දැනගත්තේ වගේ ඒවාට හේතුව Quantumania එකේ පෙන්නලා තියනවා..

Quantumania බලන්න කලින් ඔයාලා Phase 4 එකේ ආපු Tv series බලලා තියෙනවා නම් ඔයාලට හොඳ අදහසක් ගන්න පුලුවන් Quantumania එකෙන්… ඔයා Loki බලලා තියන කෙනෙක් නම් Quantumania අනිවාරෙන්ම බලන්න ඕන.. මොකද මේ අවුරුද්දේ එන්න තියන Loki season 2 එකට Quantumania ඩිරෙක්ට් සම්බන්ධයි…

ඔයා Marvel ෆෑන් කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්…. 

ෆිල්ම් එකේ කතාව කියන්න මං බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද ඒකෙන් ඔයාලගේ රසවින්දනයට බාධාවක් එනවනේ..

 

 

 

 

Ant-Man (2015)

Ant-Man and the Wasp (2018) 

Ant-Man and the Wasp: Quantumania (2023)

Comments

April 18, 2023

Sub File Wenama Download Karannath Dunna Nam Maru Aaa |

April 18, 2023

Carnival Row season 2 ekath danno

April 30, 2023

nice