EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ආදරය යනු මොහොතක් පමණි

පසුගිය වැලන්ටයින් දිනයේ, එනම් 2025 පෙබරවාරි 14 දින නිකුත්වුනු Romance / Drama වර්ගයේ ලස්සන තුර්කි සිනමා සලරුවකට තමයි අද උපසිරැසියක් අරන් ආවෙ. චිත්‍රපටය Ask Sadece Bin An. ධාවන කාලය විනාඩි 112 යි. මේක සංවේදී ආදර කතාවක් සහිත ෆිලුමක්. රුස්ගාර් බාර් එකක වැඩ කරන, අඳුරු අතීතයක් සහිත, අනාථ තරුණයෙක්. තමන්ගෙ තාත්තව මරන්න හොයමින් ඉන්න කෙනෙක්. ගොඩක් දඩබ්බරයි. ඔහු අහම්බෙන් මුණගැහුනු තරුණියක් සමග ආදරයෙන් බැඳෙනවා. ඇය නමින් හයාල්. හොඳ පවුල් පසුබිමක් සහිත, නීති විද්‍යාල සිසුවියක්. ඇගේ පියාත් නීතිඥයෙක්. මේ දෙන්නගෙ පවුල් පසුබිම සහ සංස්කෘතිය අහසයි පොළොවයි වගේ. රුස්ගාර් අත නොහැර, ඔහු පස්සෙන්ම එන ඔහුගේ අඳුරු අතීතයත් එකතුවුනාම මෙයාලගෙ ආදරයට දැඩි බලපෑම් එල්ලවෙනවා. මෙයාලගෙ ආදරය ජය ගනීවිද? නැතිනම් ඛේදවාචකයකින් අවසන් වේවිද? රුස්ගාර්ගෙ අතීතයේ මොනවද වුනේ? ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එකතුවෙනවා Emirhan Çakal (රුස්ගාර්), Nilsu Berfin Aktaş (හයාල්), Tuana Naz Tiryaki (ඒස්), Recep Usta (ෆාති) සහ Nazlı Yağcı (හිලාල්).

අසභ්‍ය දර්ශන මොකුත් නෑ. මේක ආදර කතාවක් වුනාට සිපගැනීමේ දර්ශනයක්වත් නෑ.

Comments