CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2564 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 23, 2023India110 Min.
Your rating: 6
9 6 votes
Asvins (2023) | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න

බ්‍රිතාන්‍යයේ පිහිටි නිවෙසක පැරනෝමල්(සම්මත විද්‍යාවෙන් පරිබාහිර) සිද්ධීන් නිරීක්ෂණය කර පටිගත කරන්නට යන කණ්ඩායමක සාමාජිකයින් වසර සිය ගණනක් පැරණි ශාපයකට ලක් වන්න සිදු වෙනවා. ඔවුන්ට මේ ශාපයෙන් ගැලවෙන්න හැකි වේවිද?

අස්වින්ස් 2023 වසරේ ජුනි මස 23 දා තිරගත වුණ සයිකොලොජිකල් හොරර් චිත්‍රපටයක්. විශේෂයෙන්ම කියන්න ඕන, මේක සාම්ප්‍රදායික දකුණු ඉන්දියානු හොරර් චිත්‍රපටයක් නෙවෙයි. තරුන් තේජා මල්ලාරෙඩ්ඩි විසින් මෙය රචනා කර අධ්‍යක්ෂණය කර තිබෙනවා. තරුන් තේජාගේ Asvins ලෙස මේ නමින්ම කළ කෙටි චිත්‍රපටයක් මෙලෙස වෘත්තාන්ත චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය කර තිබෙනවා. මෙහි වසන්ත් රවී, විමලා රමන්, ස්වරස්වතී මෙනන්, උධයා දීප්, මුරලිදරන් යන අය රඟපානවා.

කවුද මේ අස්වින්ස් නොහොත් අශ්වින්වරු? මේ ගැන ටිකක් කෙටියෙන් දැනගෙන ඉමු. නක්ෂත්‍ර 17හි මුල්ම නක්ෂත්‍රය වන්නේ මේ අස්විනි කුමාරවරුන්. මොවුන් නාසත්‍ය සහ දස්රා නම් නිවුන් කුමාරවරුන් දෙදෙනෙක් වන අතර මොවුන්ට අශ්ව මුහුණු තිබෙනවා. සූර්යයාට දාව සංජනා හට උපන් මොවුන් ඖෂධවේදීන් ද වනවා. ඒ වගේම මේ නිවුන් දෙවිවරු ආර්යූවේදය ද හදාරා තිබෙනවා. යහපත් හිතක් ඇති ඔවුන්ට මිනිසුන් මිය යාමට නොදී රැක ගැනීමේ හැකියාවද සතුයි. ඔවුන් මිනිසුන්ට මෙන්ම දෙවිවරුන්ටද වෙද හෙදකම් කර තිබෙනවා. මේ චිත්‍රපටයේ කතාවේ විදියට අශ්විනි කුමාරවරුන් මිය ගිය නිවුන් දරුවන්ගෙන් කෙනෙකුට නැවත ප්‍රාණය ලබා දී, ඔවුන් සතුව තිබූ බලගතු අශ්ව හිසක් සහ මිනිස් ස්කන්ධයක් සහිත පිළිම දෙකක් දිව්‍යලෝකයෙන් ගෙන්වා බේරාගත් දරුවා හට ලබා දෙනවා.

Asvins (2023) Sinhala Subtitles
වසන්ත් රවී Jailer (2023) චිත්‍රපටයේ අර්ජුන්ගේ චරිතය රංගනයෙන් වඩාත් ජනප්‍රියත්වයට පත් වුණා. මේ අස්වින්ස් චිත්‍රපටයේත් ඔහුගේ නම අර්ජුන්. දොස්තර කෙනෙකු වූ වසන්ත් රවී “නම්ම වීඩු වසන්ත් භවන්” සභාපතිගේ පුතාද වනවා. Tharamani (2017) චිත්‍රපටයේ රංගනයෙන් ඔහුට ආනන්ද විකටන් සහ ෆිල්ම් ෆෙයා සම්මාන ලබා ගත්තා. වසන්ත් මේ වෙද්දි Rocky (2021), Asvins, Jailer ලෙස චිත්‍රපට පෙළක සාර්ථකත්වය සමඟින් ඔහුගේ රංගන දිවියේ ඉහළ ස්ථානයක වැජඹී සිටිනවා.

වසන්ත් රවී ප්‍රධාන චරිත රඟන Weapon සහ Indra නම් චිත්‍රපට දෙකක් ඉදිරියේදී පැමිණීමට නියමිතයි. Pon Ondru Kanden නම් චිත්‍රපටියක් මේ අප්‍රේල් මස 14 දා OTT ඔස්සේ විකාශනය වීමට නියමිතයි. එහි වසන්ත් සමඟින් අශෝක් සෙල්වන්, ඓශ්වර්යා ලක්ෂ්මි රඟනවා. ඒත් නිෂ්පාදන ආයතනය එම චිත්‍රපටය සෘජුවම Jio ඔස්සෙ විකාශන කිරීමට තීරණය කළ බව චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් හෝ ඊට සම්බන්ධ වෙනත් පාර්ශවයක් ඒ වන තුරු දැනුවත් කර නොතිබුණු බව සඳහන් කර තිබුණා.

මේ චිත්‍රපටියට මිශ්‍ර සහ ධණාත්මක ප්‍රතිචාර ලැබී තිබෙනවා. වර්ථමානයේ මීට ලැබී ඇති Imdb රේටින් අගය 4.8ක්. TOI – 2.5/5ක්, Letterbox – 2.8/5ක් ලෙස අගය කිරීම් ලබාගෙන තිබෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් වශයෙන් සාර්ථකත්වයක් අත් කර ගත්තා.

Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Baiscopelk)
IMDb 4.8 /10 960 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vimala Raman isAarthi Rajagopal
Aarthi Rajagopal
Saras Menon isRithvika
Rithvika
Sarah Cohen isCar Driver
Car Driver
Suguvannan isGuest House Helper
Guest House Helper

Similar titles

Pattth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Way Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creation of the Gods I: Kingdom of Storms (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien: Romulus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Deva (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Swarm (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It Lives Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published