EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAtlas (2024) | “AI රොබෝවරුන්ට එරෙහිව”
මේක අධ්‍යක්ෂණය කරන්නේ Brad Peyton විසින්..ඉතින් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 100ක බජට් එකකින්..ඒ වගේම මේ චිත්‍රපටය අයිත් වෙන්නේ Sci-fi/Action කියන කාණ්ඩ වලට..මේ වෙද්දි මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.6/10 ක අගයක් වගේම ගූගල් පරිශීලක මනාප 57%කුත් ලබා ගන්න සමත් වෙලා තියනවා..ඉතින් මේ රේටින්ග්නම් ඉස්සරහට තව වෙනස් වෙයි..මොකද මේක තිරගත නොවී Netflix හරහා විකාශය වුණු චිත්‍රපටයක් නිසා තමයි තවමත් රේටින්ග්ස් ලැබෙන චිත්‍රපටයක් විදියට තරමක් අඩු රේටින්ග් අගයවල් වල තියෙන්නේ…
කාස්ට් එක ගැනත් බැලුවොත් මේකේ ප්‍රධාන චරිතය වෙන ඇට්ලස්ගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න ගායිකාවක් වගේම රංගන ශිල්පිනියකුත් වෙන Jennifer Lopez විසින්..ඊට අමතරව පහුගිය කාලේ නිකුත් වුණු Marvel ස්ටූඩියෝ එකේ Shang-Chi චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වපු Simu Liu ත් මේ චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතයට පණපොවනවා..ඒ වගේම Lana Parrilla, Mark Strong, Sterling K. Brown, Abraham Popoola වගේ තවත් රංඟන ශිල්පීන් රැසක් මේ චිත්‍රපටය එක්ක එකතු වෙලා තියනවා..
කතාව ගැනත් කිව්වොත්,
මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ මේ දවස් වල අපි හැමෝම අතරේ ජනප්‍රිය AI තාක්ෂණය පදනම් කරගෙන..ඉතින් අපේ කතා නායිකාව වෙන ඇට්ලස්ගේ අම්මා නිර්මාණය කරනවා හාර්ලන් කියලා AI රොබෝවරයෙක්..ඉතින් මෙයාට තනියම හිතලා වැඩ කරන්න පුලුවන්..ඉතින් මේ හාර්ලන් දවසක් තමන්ට ඇතුල් කරලා තිබ්බ වැඩසටහන් බිඳලා දාලා නැවත වැඩසටහන්ගත වෙනවා..හැබැයි ඒ හොඳ පැත්තකටනම් නෙවෙයි..හාර්ලන් දැන් උත්සාහ කරන්නේ මිනිස් ප්‍රජාව ලෝකෙන් තුරන් කරලා දාලා..ඒකට එයා එයාගෙම AI රොබෝ හමුදාවකුත් හදාගන්නවා..හැබැයි මේ රොබෝ ප්‍රහාර වලට විරුද්ධව රජය ICN කියලා හමදා කණ්ඩායමක් හදලා ප්‍රහාර දියත් කරනවා..මේ ප්‍රහාර හමුවේ හාර්ලන් වෙනත් ග්‍රහලෝකෙකට පැනලා යනවා..ඉතින් මේක තමයි චිත්‍රපටයේ වර්තමාන කාලයට අවුරුදු 28කට කලින් වුණු සිද්ධි දාමය..ඉතින්,
- වර්තමානයට හාර්ලන්ගේ තර්ජනය මොන වගේද?
- හාර්ලන් මෙහෙම වෙනස් වුණේ කොහොමද?
- මේ දේවල් වලට ඇට්ලස් සම්බන්ධ වෙන්නේ කොහොමද?
වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයාගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..
ඉතින් ඇත්තටම කාලයත් එක්ක දියුණු වෙන මේ තාක්ෂණය නිසා අනගාතයේදී මේ වගේ තත්ත්ව ඇත්තටම ඇතිවෙන්නත් පුලුවන්.. Sci-Fi / Action ෆිල්ම් වලට ආස කරන අයටනම් කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිව්වොත් හරි..එහෙනම් හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා..












