EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Attack on Titan: Chronicle (2020) | “ නිදහස සහ සටන ”

ඔන්න අද මං ආවේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රියම ඇනිමේ කතාමාලාවක එක ෆිල්ම් එකකට උපසිරුසි පිටපතක් අරගෙන. ඒ තමයි Attack on Titan: Chronicle 2020 කියන ෆිල්ම් එක.

ඇත්තටම මේක කියන්න පුළුවන් කලින් නිකුත් වුණ ඇනිමේ කතාමාලාවේ මුල් සීසන් තුනම එකට ගොනු කරලා හදපු ‘Recap’ ෆිල්ම් එකක් විදියට. කොටස් 1 ඉඳලා 59 වෙනකල් සිදුවීම් පැය දෙකක් ඇතුළත බලාගන්න පුළුවන්.

මගේ පුද්ගලික අදහස නම්, ඇනිමේ කියන දේට අකමැති කෙනෙක්ට වුණත් මේක බැලුවොත් ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. වෙනත් කිසිම කතාමාලාවකට නැති ආසාවක් මේක බැලුවම ඇති වෙනවා. ඇනිමේවලට අකමැති මම වුණත් මේක බලලා පුදුම උනන්දුවක් ඇති වුණා.

ඒත් මේ ෆිල්ම් එකගැන කියනවා නම්, මේ ෆිල්ම් එකට වඩා TV Serius එක මරු. බලන්න වෙලාවක් නැති වුණත් කොහොමහරි වෙලාව හොයාගෙන බලන්න. එහෙම බැරි නම්, අර කලින් සිදුවුණ දේවල් මතක් කරගන්න මේ ෆිල්ම් එක ප්‍රයෝජනවත් වෙයි.

මේක ඇනිමේ එක බලපු නැති කෙනෙක් බලනවා නම්, ෆයිට් සීන් ගොඩක් අයින් කරලා, වැදගත් සිදුවීම් කොටස් කොටස් විදියට එකතු කරලා තියෙන නිසා කතාවේ ගැලපීමක් නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය චිත්‍රපටියක් විදියට රස විඳින්න මේක එච්චර හොඳ නැහැ.

ඇනිමේ කතාමාලාවේ රිද්මය (Pacing) නම් හරිම නිවැරදියි (Female Titan Arc එක ඇරෙන්න).

මේ ෆිල්ම් එකහදලා තියෙන්නේ සීසන් 4 එන්න කලින් සිදුවීම් ටික මතක් කරගන්න වගේම, “Attack on Titan recap season 1/2/3 on youtube” කියලා හොයන අයට තියෙන ලේසිම ක්‍රමය විදියටයි.(සීසන් 4 ඇවිල්ලා තියෙන්නේ…)

Comments