EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Baby (2023) | ” දෑස රවටන පාට කැටයම් ”

පළමු ආදරය අමතක කල නොහැක.
එය සඳාකාලිකවම අප හදවත් ගැඹුරේම ඇති ස්ථරයන්හි තැන්පත් වී පවතී.

Baby කියන්නෙ මේ අවුරුද්දෙ ආපු තෙළුඟු චිත්‍රපට ගොන්නෙහි ගොඩක්ම විශේෂ තැනක් ගන්න චිත්‍රපටය. මොකද කියනව නම් කාලීන මාතෘකාවක් මෙහි අන්තර්ගත වෙන නිසා. ඇත්තටම කැම්පස් ගියාම කෙල්ලො වෙනස් වෙනවද?

වෛෂ්ණවී සහ ආනන්ද් කියන්නෙ පාසල් කාලෙ ඉදලම ආදරේ කරන අය. ඉතිං වෛෂ්ණවී කොලේජ් එකට තේරෙනවා. ආනන්ද් තේරෙන්නෙ නෑ. ආනන්ද් ත්‍රීවීලර් රැයැදුරෙක් වෙනවා. වෛෂ්ණවී ඉන්ජිනියරින් ඉගනගන්න ලොකු කොලේජ් එකකට යනවා. ආදරේ වෙනස් වෙන්නෙ නෑ කියලා තමයි යන්නේ.

විශ්ව විද්‍යාල සංස්කෘතිය කියනේ වෙනස්ම විදියේ චරිත බිහිවන තෝතැන්නක්. ගම් මට්ටමින් හාල් වගේ ඉදලා යන ගැහැණු ළමයිනුත් අවු 3ක් විතර යද්දි අදුරන්න බැරි අය බවට පත් වෙන මට්ටමෙන් හැඩගස්සවන තැනක් තමයි කැම්පසය කියන්නේ. ඒක නිරායාසයෙන්ම වෙන දෙයක්. ඉතිං වෛෂ්නවීට සල්ලිකාර යාළුවො එහෙම ගොඩක් හම්බවෙනවා. කලින් නොදුටු, නොවිදපු හුගාක් දේවල් විදින්න ලැබෙනවා. ඒත් ආනන්ද් එක්ක ඉතිං ආදරෙන් ඉන්නවා ආනන්ද් තමයි මැයගේ හැම ඕන එපා කමක්ම හොයලා බලලා, හැමදාම කොලේජ්
එකටත් ගිහින් බස්සවන්නේ.

වෛෂ්ණවී කියන්නේ හාද්දක් දෙන්න උනත් කසාද බදිනකම් ඉන්න කියන ජාතියෙ කෙනෙක්. 9 වසරෙන් පටන්ගත්තම කොහොමත් අවු 22ක් විතර පහුවෙනකම්ම ගැහැණු ළමයි ඕම තමයි කියන්නෙ. ඒ අර හැදියාව පෙන්වන්න ඕනෙ කමක්නෙ.. එහෙමනෙ පාසලෙන් කියලා දෙන්නේ. ඒත් සමාජෙට ආවමනෙ ඕවා වෙනස් වෙන්නේ. ඉතිං ආනන්ද්ට තාම හාද්දක්වත් ලැබිලා නෑ.

වෛෂ්ණවීට කොලේජ් එකෙදි හොඳ සල්ලි කාර පිරිමි ළමයෙක් හම්බවෙනවා. ගොඩක් හිත හොඳ කෙනෙක් නිසා වෛෂ්නවීත් ආශ්‍රෙ කරනවා. කොහොම හරි මේ කොල්ලට වෛෂ්නවී ගැන හිතක් පහල වෙනවා. ඒක ඇයට කියනවා. ඔතන ඉදලා තමයි කතාව වෙනස් වෙන්නේ.. මං මොනාත් කියන්න යන්නෙ නෑ ඉතිං..

ඇත්තටම කථාව මීට එහාට ගොඩක්ම විහිදෙනවා. ඒවගේම ඔයාල Color Photo බැලුවනම් මේ චිත්‍රපටය හදපු අයගෙ වැඩකිඩ ගැනත් දන්නවා ඇතිනේ. Color photo එකටත් මං උපසිරැසි දුන්නා ඒකාලේම. ඉතිං මං කියන්න ගියේ.. මේ Baby චිත්‍රපටය සම්පූර්නයෙන්ම හිතලුවක් නෙවෙ. මේක පසුපස ඇත්තම කථාවක් තියෙනවා. තමිල් නාඩුවේ ගැහැණු ළමයෙක් ඉංජිනියරින් ඉගෙනගන්න කොලේජ් එකකට ගියාම, ඇයගෙ ත්‍රීවීල් රැයදුරු පෙම්වතා සහ ඇයට කොලේජ් එකේදි හම්බවෙන සල්ලිකාර පිරිමි ළමයා අතරෙ වුණ ලොකු සංසිද්දියක් තමයි පාදක වෙලා තියෙන්නේ. ක්ලයිමැක්ස් එක තමයි මේ චිත්‍රපටයේ වෙනස් කරලා තියෙන්නේ. මොකද ඇත්ත සිඳුවීම බොහොම බිහිසුනුයි.

හරි. ඔයාලට කියන්න බැරි වුනානේ, මේක තමයි මගෙ 300 වෙනි උපසිරැසි ගැන්වීම. මේ චිත්‍රපටය Blockbaster එකක්. පොඩි බජට් එකකින් හදපු මේ චිත්‍රපටය කෝටි 100 සීමාව ආසන්නයේ තියෙන්නේ. ඒත් ඉතිං මේක තමන්ගෙ පෙම්වතිය එක්ක එකට බලන්න එපා. කොල්ලො එකතු වෙලා බලන්න. කෙල්ලො එකතුවෙලා බලන්න.

මොකද කෙල්ල වුනා කොල්ලා වුනා තමන්ගේ මතයන් තියෙන්න පුළුවන් මේ චිත්‍රපටයෙදි අනිවාරෙන්ම.

Comments

August 25, 2023

දැන් 720p ඒවාගෙත් file size හෙන ලොකුයි නේ.

August 30, 2023

Ado eka papuwatama danuna ban

September 14, 2023

meke 1080p link aka gattath download wenne 480p akane

September 27, 2023

Eeka patta 🥺❤️

October 22, 2023

Download karapu film eka hoya gnne khmda?

    Cinesubz November 3, 2023

    oyage browser eke balanna downloads wala

October 25, 2023

Download karana ba ne

    Cinesubz November 3, 2023

    ayema try karanna

October 25, 2023

Anthima tika download wenne naha

    Cinesubz November 3, 2023

    oyage connetion eka check karanna
    oyage phone eke storage ekath podk balala ayema try karanna

November 3, 2023

මන් මේක ගන්න බැලුවා එත් එන්නෙ 480p එකක්නෙ මන් ගන්න බැලුවේ 1080p ගන්න බැනේ අනෙ එක හදන්නකො මට මේක කොහොම හරි ඕනි අනේ

    Cinesubz November 3, 2023

    Fixed.
    da hari bro