EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bad Boys for Life (2020) Sinhala Subtitles
Director:Adil El Arbi, Aimee Bell, Alexis Eelman, Alicia Accardo, Alicia Triana Tabeau, Anthony Beckwith, Bilall Fallah, Callie Powers, Christopher Blackmore, Christopher T. Sadler, Dan McDonough, Darrin Brown, Dug Rotstein, Emily Pendas, Eric Glasser, Henrik Hansen, Iran Kuykendall, Janine Gosselin, Javier Clave, Jeff Hubbard, Jeff J.J. Authors, Joaquín Rovirosa, John Wildermuth, Lance Resch-Anger, Lisandra Soto, Luisa Castellanos, Luke Crawford, Marvin Williams, Mike Gunther, Oren Tuvia, Robert Ratner, Ryan J. Pezdirc, Ryan McInerney, Spiro Razatos, Steve Danton
Cast
Go Full Cast PageBad Boys for Life (2020) Sinhala Subtitles | එක්ව පැදයන්න, එක්ව මියයන්න
පැරණි චිත්‍රපට රසිකයෙක්නම්, එහෙමත් නැත්නම් Will Smith, Martin Lawrance ගෙ රසිකයෙක්නම් ඔයාල අනිවාරෙන්ම මීට කලින් නිකුත්වූ Bad Boys චිත්‍රපට ද්විත්වය නරඹලා ඇති. දෙවෙනි එක නිකුත්වෙලා අවුරුදු 17 කට පස්සේ උනත් තුන්වැන්නක් නිර්මානය කරන්න උත්සුක වෙලා තියෙන්නේ මේ ප්‍රධාන නලුවන් දෙදෙනාගේ ජනප්‍රියත්වය සහ මේ කතා තේමාවට ප්‍රේක්ශකයින්ගෙ තියෙන දැඩි ඇල්මයි. දෙවෙනි චිත්‍රපටිය අවසානයේ නීතිවිරෝදී මත්ද්‍රව්‍ය ජාවාරමක් අහවර කිසීමෙන් පසුව නැවතත් තුන්වෙනි කොටසක් ගැන කිසිදු කසුකුසුවක් තිබුනේ නෑ. නමුත් 2008 න් පසුව Will Smith කියලා තිබුනා තුන්වෙනි කොටසක් නිර්මානය කරන්න උවමනාවක් තියෙනවා, නමුත් එකල ඔහුට තිබූ දැඩි ඉල්ලීම මත ඔහුගේ ගනන් හිලව් ඉතාමත් ඉහල මට්ටමක තිබුනු නිසා වැඩේ ටිකක් කල් ගියා. පසුව ගැලපෙන පිටපතක් නොමැතිකමින් නිෂ්පාදන කටයුතු පස්සට ගිහින් තියෙන්නේ කියලා. අවසානයේ සියල්ලන්ගේම මැදිහත්වීම මගින් කාලයට තාලයට ගැලපෙන පිටපතක් නිර්මානය කරගන්න නිශ්පාදක වරුන්ට හැකිවුනා. මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කලේ ජනවාරි 17 ත් වෙනිදා. ඒ Dr.Dolittle කියන චිත්‍රපටියත් සමගමයි. අවුරුද්ද පටන්ගද්දිම මේ චිත්‍රපටි දෙක තිරගත උන නිසා හැමෝම හිතුවේ Dolittle හොඳ ආදායමක් ලබාගනියි කියලයි. නමුත් කවුරුවත් බලාපොරොත්තු නොවුනු ආකාරයෙන් Dolittle අසාර්ථක වෙද්දී Bad Boys හිතුවෙවත් නැති දුරකට ගියා…
ඉතින් සුපුරුදු පරිදි Bad Boysරසිකයින්ව කලකිරවන්නේ නැතිව සුපිරිම සුපිරි කොමඩි, ඇක්ශන් චිත්‍රපටියක් බලාගන්න අපිට පුලුවන් උනා. අපි හිතුවෙවත් නැති පැත්තකට චිත්‍රපටිය ගලාගෙන ගියා. ඒවගේම ආරම්භයේ සිටම පුරුදු පරිදි මාර්කස්ගේ ඉල ඇට ඇදෙන විහිලු වලින්නම් ඉවරයක් නැති වෙලා තියෙනවා. මිනිහගෙ කතාවිලාශය, හැසිරීම් පවා සිනාව දනවන සුලුයි. මියාමි නගරයේ පොලිස් නිලධාරින් දෙනෙනෙක් ලෙස එදා ඉඳන් මෙ දෙන්නට සිද්ධවෙන කරදර වලනම් නිමක් නෑ. ඉතින් මිලියන 90 ක නිශ්පාදන පිරිවැයක් ගත්තු මේ චිත්‍රපටය දැනට මිලියන 408 ක ආදායමක් ලබාගෙන තියෙනවා. Columbia Pictures මගින් නිකුත් කරපු Bad Boys පසුගිය ජනවාරි මාසයෙ වැඩිය ආදායම ලබාගත්තු චිත්‍රපටය බවට පත්වුනා. ඒවගේම IMDb දර්ශකයේ 7.2 ක අගයකුත් Rotten Tomatoes හි 77% ක මනාපයකුත් Google පරිශීලකයින්ගෙ 99% මනාපයකුත් ලබාගෙන ඉතා ඉහලින් වැජබෙමින් ඉන්නවා. කලින් කතාවලට ලොකු සම්බන්ධයක් නැතිව වගේ පෙනුනට සෑහෙන ලොකු සම්බන්ධය තියෙනවා කියලා මං කියන්නම්. එහෙනම් මං කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.
ඉසබෙල් අරේටස් කියන කනවැන්දුම් කාන්තාව ආර්මන්ඩෝ කියන තමන්ගේ පුතාගේ උදවුවෙන් මෙක්සිකෝවේ හිරගෙදරකින් පැනලා යනව. පස්සේ ඔහුව මියාමි වලට යවනවා ඔවුන්ගේ පියාගේ උරුමයක් වන සඟවලා තියෙන මුදල් ප්‍රමාණයක් හොයාගන්න, ඒ වෙන මොකකටවත් නෙමෙයි, ඉසබෙල්ගේ ස්වාමියා වන බෙනීටෝව සිරගත කිරීම සහ ඒ අතරතුර මියයෑමේ වේදනාවට පළිගැනීම උදෙසා. ඒ අතරේ මියාමි වල මාර්කස්ගේ දියණියගේ පලමු දරු උපතේ සතුට සමරමින් සිටිනා අතරතුර යම් හඳුනානොගත් පුද්ගලයෙක් විසින් මයික්ට වෙඩි තබනවා. ඔහු ජිවිතයත් මරණයත් අතර විශාල සටනක නිරතවෙනවා. ඉතින් කොහොමහරි අවසානයේ ඔහුගේ ජිවීතය රැකුනත් මේ ගැන වැඩිදුර සොයන්න වෙහෙසෙනවා. නමුත් ඒක ඉතා ලේසිපහසු කාර්‍යයික් නෙමෙයි, මොකද මෙවර තමන්ට ලැබිලා තියෙන දුෂ්ඨයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. හසුරවන්න ඉතා අපහසුයි වගේම ඔහු මිනීමරන යන්ත්‍රයක් මෙන් ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක්..
ඉතින් ඇඟ කිලිපොලා යන දර්ශන මෙන්ම ඉවරයක් නොවන වෙඩි වරුසා මැදින් ගලාගෙන යන මේ චිත්‍රපටියේ ආස්වාදය මං ඔයාලගෙන් උදුරගන්නේ නෑ. මීට වැඩිය කතාව ගැන කියන්න යන්නෙත් නෑ, පුරා පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රේක්ශකයින්ව ඇඳ බැඳ තබාගන්න තරම් විශිෂ්ට ලෙස නිර්මාණය කර ඇති මේ සිත්තම් නරඹන්න ඔයාලට ආරාධනා කරන ගමන් මං මේ ලිපිය අවසන් කරනවා. අවසානයේ කියන්න තියෙන්නේ, අපි හිතුවෙවත් නැති තරම් සාධාරණයක් සිදුකරමින් අවසන් උන Bad Boys කතාමාලාවා අවසානයක් නොලබා තවත් කොටසක් දක්වා දිගු කර ඇති බවයි. එහෙනම් ඒකත් මතකයේ තියාගෙනම ලබාගන්න











