EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

බියකරු හාවාගේ මාරක දඩයම

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආයෙත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක 2025 අලුත්ම ෆිල්ම් එකක්. නම දැක්කම ඔයාලා හිතයි මේක හුරතල් හා පැටියෙක් ගැන කතාවක් කියලා. ඒත් ඇත්තටම මේක ඇතුළේ තියෙන්නේ ලේ හෙල්ලෙන මිනීමැරුම් පෙළක්!

මොකක්ද මේ කතාව?
සාරා කියන්නේ තමන්ගේ හස්බන්ඩ් නැති වුණාට පස්සේ හුදෙකලා වෙලා ඉන්න කෙල්ලෙක්. ඉතින් හිත හදාගන්නත් එක්ක මෙයා තමන්ගේ බල්ලත් එක්ක වනාන්තරයක් අයිනේ තියෙන හරිම නිස්කලංක ගමකට පදිංචියට යනවා. සාරා හිතුවේ එතන හරිම ශේප් එකේ ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඇත්තටම ඒ ගමේ මිනිස්සු ඉන්නේ මාරම බයකින්.

මොකද ඒ වනාන්තරය ඇතුළේ හාවෙක් වගේ වෙස් දාගත්ත, හාවෙක් වගේ දත් තියෙන අද්භූත මිනීමරුවෙක් සැරිසරනවා. මිනිහා මිනී මරන්නේත් හරිම අමුතු විදිහට. සාමකාමීව ඉන්න ආපු සාරාට මේ බිහිසුණු හාවගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? නැත්නම් ඇයත් මේ දඩයමේ තවත් ගොදුරක් වෙයිද? අන්තිම වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක් මේක.

Comments

March 18, 2026

🌳❤️