EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Batman Ninja vs. Yakuza League (2025) | “ගෝතම් නගරයට එරෙහිව ජස්ටිස් ලීගයේ නැගී සිටීම”

 

 

අද අරගෙන ඇවිත් තියෙන, මේ අවුරුද්දේ (2025) රිලීස් වුන “Batman Ninja vs. Yakuza League” කියන්නේ 2018 අවුරුද්දේ ආපු “Batman Ninja,” ෆිල්ම් එකත් එක්කම යන ෆිල්ම් එකක්. හැබැයි ඒ ෆිල්ම් එක බලලා නෑ කියලා අවුලක් වෙන්නේ නෑ. මේ ෆිල්ම් එකේදී DC comic චරිත ටික අපිට ජපන් සම්ප්‍රදායත් එක්ක කලවම් කරලා වෙනස්ම විදිහකට දීලා තියෙනවා. කලින් ෆිල්ම් එකේදී වැඩවසම් ජපානයට යන බැට්මෑනුයි එයාගේ කට්ටියයි ආයෙත් මෑත කාලීන ගෝතම් නගරයට එනවා.

මේ කට්ටිය දැනගන්නවා දැන් නගරය වෙනස් වෙලා කියලා. ජපානේ අතුරුදහන් වෙලා ගිහින්, මේක “Hinomoto,” කියලා ලොකු දූපතක් විදිහට ගෝතම් නගරය උඩින් පාවෙනවා. මේ දූපතෙන් යකූසා කියලා මිනිස්සු කට්ටියක් ගෝතම් නගරයට කඩා වැටෙනවා, ඒක විනාශ කරලා දාන්න. මේත් එක්කම Justice League එකත් අතුරුදහන්. මොනවා උනාද කියලා දන් නෑ. හදිස්සියෙම බැට් මෑන්ට, Hinomoto වලින් අසාමාන්‍ය ශක්තියක්‌ නිකුත් වෙනවා දැනිලා, ඒ ගැන හොයන්න රොබින් එක්ක හිනොමොටෝ වලට පිටත් වෙනවා. ඉතින් මෙතැනදී එයාලට, අතුරුදහන් උන Justice League එක, ඒ කියන්නේ Green Lantern, Aquaman, Flash, Wonder woman, Superman, කියන අය මුණ ගැහෙනවා. ඒත් වෙනම විදිහකට. කලින් හිටපු, හුරු පුරුදු කට්ටිය නෙමෙයි. ඒත් එක්කම Joker, Harley Quinn එහෙමත් මේකට සම්බන්ද වෙනවා.

ඔයාලම බලන්නකෝ කට්ටියට මොකද වෙලා තියෙන්නේ, එයාලා මොකද මෙතන කරන්නේ, ඒ වගේම මේ පැටලිල්ල මොකක්ද කියලා.

එහෙනම් ෆිල්ම් එක රස විදින්න.

Comments