EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bayamariya Brammai (2024) | ”බියජනක මුළාව”
“Bayamariya Brammai” කියන්නේ Tamil psychological thriller ගණයට අයිති වෙන චිත්‍රපටියක්, මේ ෆිල්ම් එක මිනිස්සුන්ගේ මනස ගැන ගැඹුරින් කතා කරනවා වගේම භය සහා අවබෝධය කියන දේ, සම්බන්ඳතා, අනන්‍යතාව, සත්‍යය කියන දේ මත ඇති කරන බලපෑම ගවේෂණය කරන චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්.
කතාව ගැන ටිකක් කිව්වොත්, කතාව කේන්ද්‍ර කරගන්නේ ජගදීෂ් කියලා චරිතයක්. එයා මිනීමරුවෙක්, ඒ වගේම මේ වෙනකොට හිරේ ඉන්නේ. කබිලාන් කියලා ලේඛකයෙක් ජගදීෂ් ව මුණ ගැහෙන්න ඇවිත්, එයාලා අතරේ ගැබුරු සංවාදයක් යනවා. සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හිටපු ජගදීෂ්ගේ ජීවිතය එයාට මූණ දෙන්න වුන සිද්දි වගයක් නිසා වෙනස් වෙන්න ගත්ත හැටි මෙතනදි කියවෙනවා. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා හොයාගන්න බැරි වෙනවා. තමන්ගේ වටේ ඉන්න මිනිස්සු වගේම තමන්වත් අවිශ්වාස කරන තත්වෙකට පත් වෙනවා.
ඉතින් ෆිල්ම් එක Focus කරන්නේ බය, විශ්වාසය වගේම මිනිස් මනස ගැන. බය කියන දේ නිසා මනුස්සයෙක් දේවල් වෙනස් විදිහට දකින්න පටන් ගන්න හැටි, තමන් ඇත්ත කියලා හිතන් ඉන්න දේවල් ගැන පවා පාලනයක් නැති වෙන හැටි. පීඩනයක් යටතේ මොළය වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන ගැබුරින් හිතන්න සලස්වනවා.
එහෙනම් Film එක බලලා රස විදින්න කියලා ආරාධනා කරනවා.



