EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Belle (2021) | ගීයෙන් හද සැනසූ ඈ…

 

ඇනිමේ රසිකයින්ට සුභ දවසක් වේවා එහෙනම්! 2025 වසරට කරන පළවෙනි උපසිරසිය තමයි අද මේ විදිහට වෙබ් අඩවියෙ පළවෙන්නෙ. ඒ වගේම මේ උපසිරසිය මට ටිකක් විශේෂයි. ඒ ඇයිද කියල පසුව කියන්නම්. දැන් මේ ගෙනාපු ඇනිමේ එකේ විස්තරය දිහාට හැරෙමුකො…

මුලින්ම අහන්න ඕනෙ ඔයාගෙන්, “ඔයා කැමතිද ඩිස්නි වර්ෂන් ඇනිමේ එකක් බලන්න?” මොකද මේ ගෙනල්ලා තියෙන ඇනිමේ එක බැලුවට පස්සෙ, ඔයාට ඩිස්නි මූවි එකක් බැලුවා වගේ හැඟීමක් දැනෙයි නිසැකවම…

මේ තමයි 2021 වසරෙදි තිරගත උනු Belle. චිත්‍රපටියෙ සම්පූර්ණ නමම කිව්වොත්; Belle – The Dragon and The Freckled Princess වෙනවා. Drama, Music කියන තේමාවන් යටතෙ Fantasy, Sci Fi කියන ශානරවලට තමා Belle වැටෙන්නෙ. ඒ වගේම මේක Studio Chizu වෙතින් එළි දක්වන්නක්. ඇනිමේ වෙනුවෙන්ම විශේෂීකරණය වෙලා තියෙන MAL නොහොත් MyAnimeList දර්ශකය තුළින් 7.48ක අගයක් Belle හට ලැබිලා තියෙනවා. ඉතින් බොහොම කෙටියෙන් චිත්‍රපටිය ගැන තොරතුරු ටිකක් කියනවනම් මේ ටික තමා තියෙන්නෙ.

Virtual Reality කියන සංකල්පය මේ වෙනකොට යථාර්ථයක් වෙමින් පවතින දෙයක්නෙ. නුදුරු අනාගතයෙ දවසක සුවිසල් Virtual Reality යක ආශ්වාදය අපිටත් විඳගන්න අවස්ථාවක් ලැබෙයි. ඉතින් මේ කතාවත් Virtual Reality එකක් හා ගලාගෙන යන එකක්.

U කියන්නෙ ඒ විදිහට අන්තර්ජාලය තුළ නිර්මාණය උනු දැවැන්ත අතාත්වික ලෝකයක්. මේකට ඔයාගෙ ඡායාරූපයක් ඇතුළු කළාට පස්සෙ විශේෂිත ඩිවයිසයක් හරහා, ඔයාගෙ ජෛවීය දත්ත පදනම් කරගෙන ඔයාටම අනන්‍ය උනු ඇවටාර් එකක් නිර්මාණය කරනවා. ඒක තමයි AS විදිහට හඳුන්වන්නෙ. ඉතින් මේ AS හරහා ඔයාට පුලුවන් U තුළ කැමති දෙයක් කරන්න.

ඉතින් මේ විදිහට U තුළට එන නවකයෙක් “බෙල්” විදිහට හරි ඉක්මනින් කා අතරත් ජනප්‍රිය වෙනවා. ඒ මොකද ඇය හරි අපූරුවට සින්දු කියන නිසා… මේ නිසා U තුළ සැරිසරන කවුරුත් කැමතියි ඇයගෙ ගීත අහන්න. හැබැයි මේ සුන්දර වටපිටාව U තුළ තියෙන්නෙ “මකරා” කරළියට එනකන් විතරයි. බොහොම ප්‍රචණ්ඩ AS එකක් විදිහට මේ මකරා U කණපිට ගහපු කෙනෙක්… හැබැයි කිසිම දෙයක් පිට ඔපයෙන් මනින්න හොඳ නෑනෙ. අපිට නොපෙනෙන සැඟවුණු කතාවක් හැමදේකම පිටිපස්සෙ තියෙනවා. ඒක මේ මකරටත් අදාලයි. ඉතින් ඒක— හො‍ඳා. ඒක මොකක්ද කියල මේ ඇනිමේ එක බලලම හොයාගන්නකො.

Comments

March 21, 2025

Lucifer 2019 malayal movie එක දාන්නකෝ 😪😪

Please replay ?😪