EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Besharam (2013) | ලැජ්ජ නැති එකා

මේකේ ඉන්නේ අපි කව්රුත් දන්න කියන රන්බීර් කපූර්.නිලියනම් වැඩිය දැකල පුරුදු නැති කෙනෙක් තමයි ඉන්නේ.චිත්‍රපටියට දාල තියන නමේ හැටියටම බබ්ලිට(රන්බීර්) කිසිම ලැජ්ජාවක් නෑ.මිනිහා අනාථයෙක්.ඉතින් හොරකම් කරලා තමයි ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ.ඒකත් එසේ මෙසේ හොරකමක් නෙමෙයි වාහන හොරකම.මෙහෙම වාහන හොරකම් කරන්න ගිය වෙලාවක දැකපු කෙල්ලෙක් පස්සෙන් යන්න පටන් ගන්නවා මේ අපේ කතා නායක බබ්ලි.ඉතින් මේ කෙල්ලගේ පිටි පස්සේ එයාගේ කාර්යාලයට ගිහින් එද්දී දන්නෙම නැතුව, ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල උස්සනවා කාරෙකක්.වැඩේ කියන්නේ පස්සේ තමයි දැනගන්නේ මේක තමන්ගේ කෙල්ලගේ බව.ඉතින් ඒ උස්සලා විකුණපු වාහනේ නැවත ගෙන්න තමයි බබ්ලිගේ ප්ලෑන….

ඔච්චර තමයි ඉතින් මට කියන්න පුළුවන් වෙන්නේ.කාර් එක ගෙන්න පුළුවන් වේවිද…මොනවා වේවිද…බබ්ලිට මේ කෙල්ලගේ ආදරේ හිමි වේවිද කියන ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න වෙන්නේ කෝටි 60 වියදමෙන් හැදුණු පළමු සතිය තුල කෝටි 50 ක් හොයපු මේ චිත්‍රපටිය අරන් බලලම තමයි.
එහෙනම් ගිහින් එන්නම්.ජයවේවා!

Comments