EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bhoghee (2025) | “ හිඩ්න් කැම් වලින් ඔබ ආරක්ෂිතද? ”

අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ Bhogee කියන Tamil ෆිල්ම් එක. මේක ඇක්ෂන් ෆිල්ම් එකක්. කතාව පොඩ්ඩක් කිව්වොත්, කතාව පටන් ගන්නේ දෙන්නෙක් එකතු වෙලා මිනිස්සු දෙන්නෙක්ව මරලා පුච්චන සිද්දියක් එක්ක. මේ ගැන පොලිස්සිය හොයන්න පටන් ගන්නවා.

කතාව හරියටම තේරුම් ගන්න වෙන්නේ ඉතින් ෆිල්ම් එකේ ටිකක් දුර යනකොට තමයි. මේ කතාවේ ටාගට් වෙන්නේ හිඩ්න් කැමරා වලින් ගෑණු ළමයින්ගේ නිරුවත වීඩියෝ කරලා, ඒවා වෙබ් සයිට් වල දාලා බිස්නස් කරන් යන මිනිස්සු කට්ටියක්.

ෆිල්ම් එකේ මැද හරියෙදි පැහැදිලි කරන අතීත කතාවකට අනුව, මම කතාව ටිකක් කියන්නම්.

එක දුෂ්කර ගමක, කවිතා කියලා ඉගෙනගන්න දක්ෂ ගෑණු ළමයෙක් ඉන්නවා. අම්මා තාත්තා දෙන්නම නැති වෙලා. එයාගේ අයියා විතරයි ඉන්නේ. මේ දෙන්නා පොඩි කාලේ ඉදන් ගමේ තනියම හැදෙන්නේ. මේ විදිහට කවිතා ලොකු වෙලා. ප්‍රාන්තේ පළවෙනි රෑන්ක් එකට එනවා ස්කූල් එකේ අන්තිම විභාගෙන්. ඉතින් කවිතගේ බලාපොරොත්තුව වෙන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන එක. ඒ නිසා අයියත් එක්ක චෙන්නායි ගිහින් එහේ නැවතිලා කැම්පස් යන්න පටන් ගන්නවා. ඉතින් හිතපු විදිහට කවිතාගේ බලාපොරොත්තු සාර්තක වෙයිද? කවිතාට ඩොක්ටර් කෙනෙක් වෙලා එයාගේ ගමට යන්න පුළුවන් වෙයිද? ඉතිරි ටික ඔයාලට බලාගන්න තියලා මම නවතින්නම්.

Comments