EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Black Noise (2023) | සිංහල උපසිරැසි සමඟ

ප්‍රිඩේටර්” චිත්‍රපටයේ අඩි පාරේ ගිය අලුත්ම චිත්‍රපටය තමයි Black Noise. පසුගිය 2023 නොවැම්බර් 03 දින එක්සත් ජනපදයේදී නිකුත් වුනු Action, Sci-fi වර්ගයේ ඇමරිකන් ෆිලුමක්. ධාවන කාලය විනාඩි 86 යි. හැබැයි ඉතින් ‘ප්‍රිඩේටර්’ චිත්‍රපටය අහලකින්වත් තියන්න බෑ. VIP ක්ලයන්ට් කෙනෙක්ව බේරගන්න හුදෙකලා දූපතකට යන පුහුණු ආරක්ෂක කණ්ඩායමක් මුහුණ දෙන බිහිසුණු අත්දැකීමක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ. මුලින් සරලව පේන මෙහෙයුම අවසානයේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් බවට පත්වෙනවා. රංගනයෙන් එකතුවෙන්නෙ කට්ටිය හොඳට දන්න නලු බට්ටෙක්, Alex Pettyfer ( ජෝර්ඩන් ). මතකනෙ I Am Number Four [2011], In Time [2011], Beastly [2011] සහ Endless Love [2014] යන සුපිරි ෆිල්ම් සෙට් එකේ හිටපු කොලුවා. ඒත් මේ ෆිල්ම් එක නම් මට පේන්නෙ ඔහුගේ වැරදි තේරීමක් වගේ. ඇලෙක්ස් සමග රංගනයෙන් දායක වෙනවා Jackson Rathbone (ලියෝ), Wayne Gordon (රයන්), Sadie Newman (ලීලා) සහ Eve Mauro (සාරා).
           ප්‍රභූ වරුන්ට, ධනවතුන්ට වෙන්වුනු එක්තරා දූපතක් තියෙනවා. පොඩි නගරයක්, නිවාඩු නිකේතන කීපයක් සහ කෝටිපති මන්දිර ටිකක් තමයි තියෙන්නෙ. ජනගහනය දාහකට අඩුයි. දූපතේ ඉන්න VIP කෙනෙක්ගෙන් අනතුරු සංඥාවක් අදාල ආරක්ෂක ආයතනයට ලැබෙනවා. ඇයව ආරක්ෂා කරන්න, ඔවුන්ගේ අති දක්ෂ, සන්නද්ධ පුහුණු කණ්ඩායමක් දූපතට යනවා. යනකොට දූපත හිස්. උන්නු අයට වුනු දෙයක් නෑ. මෙයාලගෙත් එක් එක්කෙනා අද්භූත විදිහට මැරෙන්න ගන්නවා. ඒ දූපතේ වෙන්නෙ මොකක්ද කියලවත් මෙයාලට හිතාගන්න බෑ. මේ කණ්ඩායමෙන් ඉතිරි අයට, ඉතුරුවෙන්නෙ එක විකල්පයයි. ඒ ජීවිතේ බේරගෙන දූපතෙන් පැනගන්න එකයි. මේකෙ අසභ්‍ය දර්ශන නම් මොකුත් නෑ. ඒ වගේම පට්ට ෆිල්ම් එකක් කියල කියන්නෙත් නෑ. එහෙනම් බාගෙන බලන්න.

Comments

November 23, 2023

A crazy movie