EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Blank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageBlank (2019) | ත්‍රස්තවාදය නම් ව්‍යාපාරය…
හනීෆ් කියල තරුණයෙක් සහ දිවාන් කියල පොලිස් නිලධාරියෙක් වටා තමයි මුළු කතාවම දිවෙන්නේ. හනීෆ් පාරේ ගමන් කරමින් සිටින විට හදිසි රිය අනතුරකට ඔහු ලක්වනවා. ඉතාමත් දැඩි ඝට්ටනයක් නිසා දැඩි ලෙස තුවාල වුනු ඔහු රෝහල්ගත කරනවා. වෛද්‍යවරයන් මොහුට ප්‍රතිකාර කරන්නට කමීසය ගලවනවිට මහා පුදුම දෙයක් ඔහුගේ පපුවේ රඳවා තිබෙනවා දොස්තරවරුන්ට දකින්නට ලැබෙනවා. ඒ මරාගෙන මැරෙන බෝම්බයක්. ඒක නිකම්ම නිකන් එකක් නෙමෙයි. හනීෆ්ගේ ලේ ගමනාගමනයට සම්බන්ධ කරලා සවි කරපු මරාගෙන මැරෙන බෝම්බයක්..
ඉතිං හනීෆ් කවුද? ඇයි මරාගෙන මැරෙන බෝම්බයක් අටවාගෙන එන්නේ? ඇයි මනුස්සයට හදිසි අනතුරක් වෙන්නේ? හදිසි අනතුරෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ හැමදෙයකටම පිළිතුරැ ඔබට චිත්‍රපටය නරඹනවාත් සමගම ලැබේවි.
ඉතිං එහෙනම් අදට යන්න අවසරයි. අදකාලේ පිළිකාවක් වගේ පැතිරිලා තියෙන ත්‍රස්තවාදය නිසා පීඩා විඳින අහිංසක ජිවිත ගණන අනන්තයි. ඒ පිලිබඳ ලංකාවේ අපිට අමුතුවෙන් විස්තර කර දෙන්නට අවශ්‍ය නැහැ. මොකද අපි ඉපදුන දවසේ ඉදන්ම මේ අවාසනාවන්ත අද්දැකීමට මුහුණපාමින් ඉන්න ජාතියක් නිසා. ඉතිං එවන් ත්‍රස්තාවාදී ව්‍යාපාරයක් පදනම් කරගෙන තැනු මෙම චිත්‍රපටය ඔබට හොඳ සිනමා අද්ද්කිමක් ගෙන දෙනු ඇති. එමෙන්ම ඔබට සිතන්නට යමක් ඉතිරි කර දේවි. අරගෙන බලන්න කියා ආරාධනා කරනවා.



