CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5614 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Blonde (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Blonde (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 16, 2022United States167 Min.
Your rating: 0
6 9 votes
Blonde (2022) | සරාගීත්වයේ සංකේතය.

“Marilyn Monore” ලෝක සිනමා ඉතිහාසයෙ තව අවුරුදු සීයක් ගියත් මිනිස්සුන්ට අමතක නොවෙන්න තමංගෙ නම Brand කරල සමුගත්ත චරිතයක්. ඒනිසාම අදටත් ඇය ගැන කතාවෙනවා. “Blonde” කියන්නෙ Netflix එකෙන් ඇයගේ ජීවිතය අලලා නිර්මාණය කරපු නවතම සිනමා නිර්මාණය. නමුත් මේකට ලැබෙමින් පවතින Rating සහ Reviews බලනකොට මේ නිර්මාණය ගැන තියෙන්නෙ තරමක දැඩි ජනතා අප්‍රාසාදයක්. Netflix එකෙන් ඇය ගැන නිර්මාණයක් කරනව කියල දැනගත්තම ගොඩක් අය බලාපොරොත්තු වුනේ “Norma jeane” කොහොමද Marilyn Monroe වුණේ කියලා නිරූපණය කරන කතාවක් වෙන්න ඔනෙ.

කොහොම උනත් Blonde නරඹලා ඒ expectations අතැරල දාල හිතුවොත් “Blonde” කියන්නෙ Marilyn ගෙ ජිවිතෙ අදුරු පැතිකඩ ගැන කතා කරන රූප රාමු පෙළක්. කොහෙදෝ ඉදල එකපාරට සිනමා ක්ෂේත්‍රයට එන ගැහැණියකට මේ ක්ෂේත්‍රයේ ඉන්න විවිධාකාරයේ මිනිස්සුන්ගෙන් විඳින්න ලැබෙන තාඩන පීඩන, ඇයගෙ ළමාවියත් පවුල් පසුබිමත් ඇයගෙ මනසට කරන බලපෑම, දැඩි ආතතියකින් ගෙනයන රංගන ජිවිතය සහ කොයි තරම් මිනිසුන් ආකර්ෂනය වුනත් තමං හොයන ජිවිතේ ඒ කාගෙන්වත් නොලැබීම වගෙ දේවල් නිසා අවසානෙ ඇය විසින්ම ඇයව විනාශ කරගන්න එක වගෙ දේවල් තමයි මුලු ධාවන කාලය පුරාම ගලායන්නෙ. ඒක පහුගිය අවුරුදු කිහිපය තුල හොලිවුඩයෙ කැපී පෙනෙන චරිතයක් වෙන “Ana de armas” උපරිමයෙන් නිරූපණය කරනවා. මටනං Ana ගෙ දැකපු හොදම perfomance එක තමයි Marilyn චරිතය. ඇයගෙ perfomance එක තමයි කතාවෙ disturbing ගතිය උපරිම මට්ටමට ගේන්නෙ. Marilyn ඇමරිකාවෙ මුලු Hollywood ඉතිහාසෙම “Greatest sex symbol” එක විදියට හදුන්වනවා. ඉතින් Blonde චිත්‍රපටය පුරාවටම නිරුවත් දර්ශන ගණනාවක්ම අඩංගු වෙනවා. මේ දර්ශන වල අඩංගු කම්පනය, පීඩනය, වේදනාව නිසා ඇති කරන අධික disturbing ගතිය ජනතා අප්‍රසාදයට හේතුවක් විදියට පෙන්න තියනවා. මේක Marilyn ගෙ රසිකයො දකින්නෙ Blonde චිත්‍රපටය තුලින් ඇයට අපහාස කිරීමක් විදියටයි. කොහොම උනත් එවා ඇයගෙ ජිවිතයේ කොටසක්නං එවැනි දර්ශන තියන එක ප්‍රශ්නයක් කියල මම හිතන්නෙ නැහැ.

කොහොම උනත් cinematography, editing, cast perfomance එක, විශේෂෙන්ම Ana de armas ගෙ රංගනය මාර විදියට දැනුනා . අනිත් පැත්තෙන් මේ සිනමා ක්ෂේත්‍රයේ යටි පැත්ත සහ Norma jeane , Marilyn කියන්නෙ සැබවින්ම දෙන්නෙක් කැමරා කාචයෙන් පසුපස ඇය වෙනම තැනැත්තියක් කියන දේ සියුම්ව චිත්‍රපටිය තුල නිරූපණය කරනවා.

මැරලින් මොන්රෝ ගෙ බයෝපික් එකක් එනව කිව්වම ඊළඟට මතුවෙන ප්‍රශ්නෙ තමා ඒ වගේ ඉතිහාසගත Iconic figure එකක් ප්‍රතිනිර්මාණය කරන්න පුලුවන්ද කියන දෙය. ෆිල්ම් එක Release වෙන්න කලින්ම, එළියට ඇවිත් තිබුණු ෆිල්ම් එකෙ සමහර stills දිහා බලල මොන්රෝ ගෙ චරිතය රඟපාන්න තෝරාගෙන තිබුණු, කියුබානු ජාතික රංගන ශිල්පිනි Ana De Armas කොහෙත්ම ඒ චරිතයට ගැලපෙන්නෙ නෑ කියල ගොඩක් දෙනා කියල තිබුණ. දැන් ෆිල්ම් එක ඇවිත් තියන නිසා එහෙම විවේචනය කරපු අයට හොඳ උත්තරයක් ෆිල්ම් එක විසින්ම දීල තියනව කියල හිතෙනව. Ana කොයිතරම් සාර්ථකව මැරලින් මොන්රෝව ප්‍රතිනිර්මාණය කරල තියනවද කියන දෙය ෆිල්ම් එක බලලම තේරුම් ගන්න එක හොඳ බවයි මම හිතන්නෙ.

Blonde ෆිල්ම් එකට පාදක වෙන්නෙ Joyce Carol Oates නම් ලේඛිකාව ඒ නමින්ම ලියා පළකර ඇති නවකතාව. ඒ නිසා ෆිල්ම් එක පුරා දැගන්න ලැබෙන්නෙ සත්‍ය ජීවිත කතාවක් මත පදනම් වුනු ප්‍රබන්ධයක් කියන දෙය මුලින්ම මතක තියා ගත යුතු කරුණක්. ඒ කියන්නෙ මැරලින් මොන්රෝ ගේ ජීවිතයේ දේවල් සිදුවෙලා තියන ආකාරය මේ චිත්‍රපටයෙ විදිහට නොවුණත් ඒවයෙ ප්‍රතිඵලය ඇත්තක්.බොහෝම Dramatic සහ Slow moving ගතියක් ෆිල්ම් එක පුරාම තියෙන්නෙ. මේ අවුරුද්දේම ආව Elvis වගේ Celebrity biopic එකක තිබ්බ උත්කර්ෂවත් ගතිය මේකෙ තිබුණෙ නම් නෑ. ඒ වෙනුවට, මට දැනුණ විදිහට, ෆිල්ම් එක පුරා මතුකරන්න උත්සාහකරල තිබුණෙ සුපිරි තරු දිස්නයට යටවුණු පීඩාවිඳින ගැහැනියක්ව. ෆිල්ම් එක පුරා තිබුණෙ ඒ දුක්බර ගතිය. මැරලින් මොන්රෝ නම ලැබෙන්න කලින් ඇගෙ ඇත්ත නම වුණු නෝර්මා ජීන් විදිහට පුංචි දැරියක් ව ඉන්න කාලෙ සහ හොලිවුඩ් පුරවරයට පය තබද්දී ජීවිතේ ලැබුණු අඳුරු අත්දැකීම් ජීවිතේ පුරා ඈව වේදනාවට පත් කල හැටි චිත්‍රපටයෙන් දැගත හැකියි. Nudity සහ Sexuality ටිකක් වැඩිපුර නිරාවරණය වුණත් ඒව චිත්‍රපටය ඇතුලෙ මතුකරල තියෙන්නෙ මොන්රෝට ඇගේ ජීවිතේ ලබන්න වුණු පීඩාකාරී අත්දැකීම් විදිහට.

මැරිලින් මොන්රෝ සිනමාව තුළ ක්‍රියාකාරිව සිට දශක ගනනාවක් ගතව ඇතත් තවමත් මොන්රෝ නාමය ලොව තුළ නොමැකෙන සලකුණක්ව ඇත්තේ ඇයි?ඉතිහාසය තුළ හිමි ස්ථානය වෙනුවට ඇය වර්තමානය තුළ ද කතාබහට ලක්වන බොහෝ දෙනා අනුකරණය කරන තරුණියකි.මැරිලින් යනු රංගනයේ අතිදක්ෂ ශිල්පිනියක් ද නොවේ.නමුත් හොලිවුඩයේ පමණක් නොව ලොව පුරා රසිකයන් අමන්දානන්දයට පත්කළ ශිල්පිනියකි.ඇය ප්‍රේක්ෂකයා හමුවේ ප්‍රදර්ශනය කෙරුණේ රංගන ශිල්පිනියකට වඩා දුටුවන් වශී කරන සරාගිනියක් ලෙස යි.නිරූපිකාවක් ලෙස ඇරඹූ ගමන සිනමාව තුළත් සරාගී නිරූපිකාවක් ලෙසම ප්‍රකාශයට පත්විය.හොලිවුඩ්හි 50 දශකය තුළ සරාගිම ශිල්පිනිය ලෙස ප්‍රේක්ෂක අභිසෙස් ලැබුවේ ඇය යි.ඇගේ යුගයට පෙර 40 දශකයේ හොලිවුඩ් සරාගිනිය වූ රීටා හේවර්ත් අභිභවා ගිය ප්‍රේක්ෂක උන්මාදයක් මැරිලින් කෙරෙහි ඇති විය.මැරිලින්ගෙන් දශක හතරකට පසු නිපදවුණු,එදා මෙදාතුර බිහිවූ ශ්‍රේෂ්ටතම සිනමා නිර්මාණයක් වූ The Shawshank Redemption (1994) හි දී ද මැරිලින් මොන්රෝ පිළිබඳ සටහනක් ඇතුලත් වෙනව.එහි ඇන්ඩිගේ සිරගෙදර ජීවිතයට දශක තුනක යුගයන් හසුවෙනවා. 40 දශකයේ අග දී සිරගත වන ඇන්ඩි 60 දශකය දක්වා එහි ගත කරයි.මෙම දශකයන් පිළිබඳ තොරතුරු සිනමාකරු ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ හොලිවුඩයේ ඒ ඒ යුගය තුළ ඉතාමත්ම ජනප්‍රිය වූ සරාගී රංගන ශිල්පිනියන් තිදෙනෙකුගේ රුවෙනි.මුල්ම කාලයේ රීටා හේවර්ත් ද,50 දශකයේ දී මැරිලින් මොන්රෝ ද,60 දශකයට එළඹෙන විට රකේල් වෙල්ච්ගේ ද රුව ප්‍රේක්ෂකයා හමුවට ගෙන එයි. මැරිලින් පිළිබඳ සමාජමය කියවීම නැවත ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන එක් අවස්ථාවක් තමා ඒ.

කොහොම නමුත් cinematography අතින් නම් Blonde කියන්නෙ සෑහෙනම ලස්සනට නිර්මාණය කරල තියන වැඩක්. 1940/ 50 දශකවල වටපිටාව, වාහන, ඇඳුම් සහ වර්ණ ඒවගේම කැමරා කෝණ මේ හැම දෙයක්ම හොඳම මට්ටමෙන් දැකගන්න තිබුණ. රඟපෑම ගැන මුලදිම කියල තියන නිසා අමුතුවෙන් ඒ ගැන කියන්නෙ නෑ. මේ අවුරුද්දට දැක්ක classic ම වැඩක් විදිහට Blonde නම් කරන්න පුලුවන්. එහෙනම් නැවත හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලක්ෂාන් (Baiscopelk)
IMDb 5.5 /10 49,567 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ana de Armas isNorma Jeane
Norma Jeane
Adrien Brody isThe Playwright
The Playwright
Bobby Cannavale isThe Ex-Athlete
The Ex-Athlete
Sara Paxton isMiss Flynn
Miss Flynn
Lucy DeVito isEx-Athlete's Niece
Ex-Athlete's Niece
Scoot McNairy isTom Ewell / Richard Sherman
Tom Ewell / Richard Sherman
Xavier Samuel isCass Chaplin
Cass Chaplin
Caspar Phillipson isThe President
The President
Evan Williams isEddy G. Robinson Jr.
Eddy G. Robinson Jr.

Similar titles

The Mummy (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sakalakala Vallavan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kolaigaran (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Equalizer (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ice Age: Continental Drift (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Best of Me (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dry (2020) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
Ala Vaikunthapurramuloo (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Get Out (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
While You Were Sleeping (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Furious 7 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published