EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bring Her Back (2025) | මරණයෙන් පුබුදුවනු වස්…

 

මේක මම බලාගෙන හිටපු ප්‍රධනම කාරණා දෙකක් තියෙනව. එක,මේක 2023 වසරේ නිකුත් වුනු Talk to me කියන චිත්‍රපටය අධ්‍යාපනය කරපු Philippou Brothers ලගෙ දෙවන සිනමා නිර්මාණය.එහෙම කිව්වට දන් නැති ගොඩක් දෙනෙක් මෙයාල දෙන්නව දන්නෙ The Racka Racka කියන මෙයාලගෙ Youtube නමින්. මීට අවුරුදු ගානක ඉඳල Youtube ඔස්සෙ විවිධ Action,comedy වගේ Cinematic short Content කරමින් ඉන්න මේ ඩබල බොහොම වාසනාවන්ත විදියට Sundance වලට පවා තේරී පත්වෙන විදියෙ අති දැවැන්ත සිනමා නිර්මාණයක් කරමින් සිය සිනමා ගමන ආරම්භ කරනව.ඒ Talk to me චිත්‍රපටයත් සමඟ. ඉති‍ං මේ Bring Her Back කියල කියන්නෙ එයාලගෙ දෙවන සිනමා නිර්මාණය. ඉතිං,වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට.

ඇන්ඩි සහ එයාගෙ අර්ධ සහෝදරියගෙ තාත්තා  නැතිවෙනවත් එක්කම ඒ දෙන්න සම්පූර්ණ අනාත වෙනවා. ඒ නිසා ළමා කටයුතු කාර්‍යාංශය විසින් ඒ දෙන්නව ලෝරා කියල මනෝ උපදේශක වරියෙකු ගෙ නිවසේ නතර කරවනව.එතනින් පස්සෙ තමයි මේ ඇන් ඩි සහ එයාගෙ සහෝදරිය පයිපර් ජීවිතේ අඳුරු අතට හැරෙන්න ගන්නෙ.ලෝරා කියන කාන්තාව එයාගෙ මිය පරලොව ගිය දුවව නැවත වරක් මරණයෙන් පුබුදුවන්න උත්සහ කරනව.ඒකට එයා කරන Dark වගේම හරිම Cult Ritual එකකට මේ සහෝදර සහෝදරියො දෙකට්ටුව අහු වෙනව. ඉතිං ඉන් එහාට මොකක් වෙයි ද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය බලන්නම සිද්ධ වෙනව.

චිත්‍රපටය මේ වෙද්දි  හොඳ Rotten tomato අගයක් මෙන්ම IMDB අගයක් අරගෙන,ඉහල ආදායම් වාර්තා තබමින් Box office hit එකක් බවට පත් වෙලා,2025 වසරේ පිට වුනු දැවැන්තම Horror චිත්‍රපටය බවට පත් වෙලා හමාරයි.

Comments

August 18, 2025

❤️👍