CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bromance (2025) | සහෝදර ප්‍රේමය!

ඉතින් සාදරයෙන් පිළීගන්නව තවත් මලයාලම් ෆිල්ම් එකකට.

මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරන්නේ, අරුන් ඩී ජෝස් විසි. තිර රචනය කරන්නේ, රවීශ් නාත් සහ තෝමස් පී සෙබෙස්තියන් විසින්. ඉතින් මේ ෆිල්ම් එකේ අපි දන්න ගොඩක් නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. මෙහි ප්‍රධාන චරිතය රගදක්වන්නේ,අපි කවුරුත් දන්න මැතිව් තෝමස් විසින්. ඒ ෂින්ටොගෙ මල්ලි විදියට. තවද අපි කවුරුත් දන්න, අර්ජුන් අශෝකන්. ( ෂබීර් ලෙසින්,), මහීමා ( ඩොක්ටර් අයිශ්වර්‍යා), සංගීත් ප්‍රතාප් ( හරිහරසුධන්), ශ්‍යාම් මෝහන් විසින් ෂින්ටො ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත්,

ෂින්ටො සහ බින්ටො කියන්නෙ අයියයි මල්ලියි. ඉතින් මුලදිනම් බින්ටො තමන්ගෙ අයිය වෙච්ච ෂින්ටොටනම් පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් අලුත් අවුරුද්දෙ බින්ටො එයාගෙ යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යනවා. මේ අතරෙදි බින්ටොට, ෂින්‍ටොගෙ හොදම යාළුවෙක්ගෙන් කෝල් එකක් එනව ෂීම්ටො අතුරුදහන් වෙලා හොයාගන්න නෑ කියලා. ඉතින් බින්ටොයි එයාගෙ අයියගෙ යාලුවයි යනව ෂින්ටොව හොයන්න, මේ අතරෙදි මෙයාලට ලොකු කරදර ගොඩකට තමයි මුහුණ දෙන්න වෙන්නේ.

ඉතින් ෂීන්ටො අතුරුදහන් වෙන්න හේතුව මොකක්ද?. බින්ටොට පුළුවන් වෙයිද මෙයාව හොයාගන්න?. මෙයාලට මුහුණ දෙන්න වෙන කරදර මොනවද? මේ ඔක්කොම දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. කම්මැළි නැතුව බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක්.

Comments