EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bugonia (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alexander Armero, Daniel Wolfe, Edoardo Petti, Hayley Williams, Milou van der Kolff, Yorgos Lanthimos
Country:Canada, Ireland, South Korea, United States of America
Year:2025
Subtitle By: ධනුෂ්ක විරාජ් (Cinerulk )
Country: Ireland, United Kingdom, Canada, South Korea, United States
Cast
Go Full Cast PageBugonia (2025) | “පිටසක්වලයා”
මේක ටිකක් වෙනස් ජාතියෙ ෆිල්ම් එකක්. ඔයාලා Oscar දිනපු Poor Things අධ්‍යක්ෂණය කරපු Yorgos Lanthimos ව දන්නවා නම්, එයාගේ ෆිල්ම් කොහොමද කියලා දන්නවනෙ. මේකත් අන්න ඒ වගේ ටිකක් පිස්සු, හැබැයි මාරම ඉන්ටරෙස්ටින් කතාවක්.
මේ කතාව යන්නේ Teddy සහ Don කියන යාළුවෝ දෙන්නෙක් ගැන. මේ දෙන්නට පොඩි පිස්සුවක් තියෙනවා පිටසක්වල ජීවීන් ගැන. මෙයාලා විශ්වාස කරනවා ලෝකේ විනාශ කරන්න පිටසක්වල ජීවීන් ඇවිත් ඉන්නවා කියලා. ඉතින් මේ දෙන්නා එකතු වෙලා ලොකු ඖෂධ සමාගමක CEO ව පැහැර ගන්නවා. මෙයාලා හිතන්නේ එයා මනුස්සයෙක් නෙවෙයි, වෙස්මාරු කරගත්ත පිටසක්වල ජීවියෙක් කියලා. ඉතින් මේ CEO ගෑනි බේරෙන්න දරන උත්සාහයත්, අර දෙන්නා එයාගෙන් ඇත්ත එළියට ගන්න දරන උත්සාහයත් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. මේක බය හිතෙන කතාවක් වගේ පෙනුණට, කතාව යන්නෙ Dark Comedy විදියට.
අපි කවුරුත් දන්න Emma Stone තමයි අර පැහැරගත්ත ලොක්කා විදිහට ඉන්නේ. අර පිස්සු චරිත දෙකෙන් එකකට ඉන්නේ Jesse Plemons. මේ දෙන්නගෙ රඟපෑම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.
ඔයාලා දන්නවද මේක ඇත්තටම පරණ කොරියන් ෆිල්ම් එකක Remake එකක් කියලා? 2003 දි ආපු Save the Green Planet කියන කොරියන් ෆිල්ම් එක තමයි මෙහෙම අලුත් විදිහට හදලා තියෙන්නෙ. කොරියන් කතාවල තියෙන අර අමුතු කුතුහලය මේකෙත් තියෙනවා.
මේක නිකම්ම ෆන් එකට බලන ෆිල්ම් එකකට වඩා, ටිකක් හිතන්න ඕන, Cospiracy Theory සම්බන්ධ අමුතු කතා බලන්න කැමති අයට තමයි ගොඩක් ගැළපෙන්නෙ. නිකම්ම හිනා වෙවී ඉන්න ගමන් හිතට වදින යමක් මේකෙ තියෙනවා. ටිකක් අමුතු, වෙනස්ම රහක ෆිල්ම් එකක් හොයනවා නම් Bugonia ට්‍රයි කරලා බලන්න.











