EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bullet Proof (2022) Sinhala Subtitles | සල්ලිද වටින්නේ ජීවිතේද… [සිංහල උපසිරසි]

(Bullet Proof (2022) Sinhala Sub , Bullet Proof (2022) Sinhala Subtitle , Bullet Proof (2022) Sinhala Subtitles)

 

Bullet Proof 2022

එක පුද්ගලයෙක් කාලයක් කට්ට කාලා හම්බකරලා අවසානයේ මොනවත් නැතුව විශ්‍රාම යනවට වඩා ප්ලෑනක් ගහලා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර රජෙක්ගෙන් මිලියන ගානක් හොරකම් කරගෙන පලා යනවා. ඒ යන අතරෙයි දැන ගන්නේ ටෙම්පල් කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මැරයගේ ගැබිණි බිරිඳත් ඉන්නේ ඒ වාහනේමයි කියලා.. තමන්ගේ සල්ලියි බිරිඳයි පැහැරගත්තා කිව්වම, ඒකත් තම පුතා හම්බවෙන්න ඉන්න බිරිඳ…

චිත්‍රපටය මුදාහැරලා තියෙන්නේ මේ වසරේ අප්‍රේල් 08 වෙනිදා. තාම IMDb දර්ශකේ නම් 4.1 ක් වගේ තමයි තියෙන්නේ. ලොකු ගැඹුරු කතාවක් නැතිවුනත් පැය එකහාමාරක් කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවන් චිත්‍රපටයක්.

චිත්‍රපටයේ රංගනයෙන් Vinnie Jones, James Clayton, Janvier Katabarwa, Lina Lecompte, Lori Ann Triolo, Philip Granger රංගනයෙන් දායක වන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂණයත් James Clayton විසිනි.

ඇත්තටම මේ මනුස්සයගේ නම මොකක්ද? දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…

Comments