EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBuried (2010) | ඔබව පණපිටින් වල දැම්මොත්?
මිනිස්සු මැරුණහම වළදාන්නෙ මිනී පෙට්ටියක දාලා. ඇතැම්විට පණපිටින් මිනිසුන් වළදාපු අවස්ථාත් ඉතිහාසයේ වාර්තාවෙනවා, හැබැයි ඒ අත්වැරැදීම් වෙලා. සමහරවිට සර්ප දෂඨනයකින් සිහිමූර්ඡා වුණු අයෙක්, හදවත් ආබාධයන්ට ලක්වෙලා මූර්ඡාවුණු අයෙක් මේ විදිහට පණපිටින් වළදැමුණා. සමහරු මේ දුර්දාන්ත මරණයෙන් ගැළවීගන්නට තරම් වාසනාව ලැබුවේ, නිසි මොහොතේදී නැවතත් පියවි සිහි ලබපු නිසා. හැබැයි හැමෝටම ඒ වාසනාව හිමි නැහැ.
මමනං මුල්ම වතාවට පණපිටින් මිනිසෙකු වළදැමීමක් ගැන කියෙව්වේ රේ බ්‍රැඩ්බරි කියන කතාරචකයාගෙ කතාවකින්, ඒකත් චන්දන මෙන්ඩිස් මහතාගෙ පරිවර්තනයක්; “මතකද කෑ ගහන ගෑණි”: ඒකෙ තියෙන්නේ පණ පිටින් වළදාපු ගැහැණියක් පොළව යට වැළැලී හිඳිමින් ගී ගයනු ඇසී ඇගේ දිවි බේරාගැනීමට මගපෑදෙන සිද්ධියක්. හැබැයි මේක එහෙම නෙමෙයි. ත්‍රස්තවාදීන්ට අමානුෂිකත්වයේ සීමාවන් පවා බිඳහෙළමින් යා හැකි දුර කෙතරම්දැයි මොනවට කියාපාන කතාන්තරයක් මේ. කොන්රෝයි ඉරාකයේ ට්‍රක්-රථ රියැදුරෙක් ලෙස ජීවිකාවෙහි නිරතවන ඇමෙරිකානු ජාතිකයෙක්. දිනක් ඔහු අවදි වෙනවා. හැබැයි හීනෙකින්වත් නොහිතපු තැනක. මිනීපෙට්ටියක; පොළව යට. ඔහු ඇතුළු අනෙකුත් සගයන් භාණ්ඩ ප්‍රවාහනයක නිරත වෙමින් සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙලා අනෙකුත් සියලුම සගයන් ඉන් මියගිය බව ඔහුට මතකයි. හැබැයි ඉන් එහාට කිසිවක් ඔහු දන්නේ නෑ. දන්නේ තමා කොහේ හෝ තැනක පණපිටින් වළදමා ඇති බව පමණයි.
ඔහු පණ බේරා ගැනීමට නොදරන තැතක් නැහැ. ‘911’ විතරක් නෙවෙයි ‘FBI’ එකට පවා ඇමතුම් දෙමින් තමන් වැටී ඇති තත්ත්වය ගැන කියමින් උදව් ඉල්ලා සිටිනවා. ඔහුට මේ උදව් ලැබෙයිද? දිවිගළවා ගැනීමට හැකි වෙයිද? කාලය ඔහුට හරස්වෙයිද?
මේ සියලුම ප්‍රශ්න වලට උත්තර මේ සිනමාවේ අඩංගුයි. මේවාට විසඳුම් ඕනෑනම් මේක බලන්න වෙනවා. දෙපසට දෝළනය වෙමින් බොහොම කුතුහලාත්මකව නැරඹිය හැකි බවත් මෙවන් තත්ත්වයකට මුහුණ දෙන මිනිසෙකුගේ අසරණභාවය හොඳින් හුවා දැක්වීමට සමත් සිනමාවක් බවත් කිවයුතුමයි. ඕගොල්ලන්ට මතකද දන්නේ නෑ වතාවක් මම එක්තරා විශේෂත්වයකින් යුතු චිත්‍රපටයක් ඕගොල්ලන්ට දුන්නා, ‘Exam’ නමින්. මේ චිත්‍රපටයේත් එම විශේෂත්වයම අඩංගුවෙනවා, ඒනම් එකම එක පසුතලයක් පමණක් පදනම් කරගනිමින් මේ කතාව දිවයාම. එහෙනම් තවත් වරක් ඒ භාවිතය රසවිඳලා, ඉන් ඔබ විඳි රසය ගැනත් සඳහනක් කරන්න අමතක කරන්න එපා.







