CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1744 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Buried (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Buried (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 24, 2010Spain95 Min.
Your rating: 0
7.7 9 votes
Buried (2010) | ඔබව පණපිටින් වල දැම්මොත්?

මිනිස්සු මැරුණහම වළදාන්නෙ මිනී පෙට්ටියක දාලා. ඇතැම්විට පණපිටින් මිනිසුන් වළදාපු අවස්ථාත් ඉතිහාසයේ වාර්තාවෙනවා, හැබැයි ඒ අත්වැ‍රැදීම් වෙලා. සමහරවිට සර්ප දෂඨනයකින් සිහිමූර්ඡා වුණු අයෙක්, හදවත් ආබාධයන්ට ලක්වෙලා මූර්ඡාවුණු අයෙක් මේ විදිහට පණපිටින් වළදැමුණා. සමහරු මේ දුර්දාන්ත මරණයෙන් ගැළවීගන්නට තරම් වාසනාව ලැබුවේ, නිසි මොහොතේදී නැවතත් පියවි සිහි ලබපු නිසා. හැබැයි හැමෝටම ඒ වාසනාව හිමි නැහැ.

මමනං මුල්ම වතාවට පණපිටින් මිනිසෙකු වළදැමීමක් ගැන කියෙව්වේ රේ බ්‍රැඩ්බරි කියන කතාරචකයාගෙ කතාවකින්, ඒකත් චන්දන මෙන්ඩිස් මහතාගෙ පරිවර්තනයක්; “මතකද කෑ ගහන ගෑණි”: ඒකෙ තියෙන්නේ පණ පිටින් වළදාපු ගැහැණියක් පොළව යට වැළැලී හිඳිමින් ගී ගයනු ඇසී ඇගේ දිවි බේරාගැනීමට මගපෑදෙන සිද්ධියක්. හැබැයි මේක එහෙම නෙමෙයි. ත්‍රස්තවාදීන්ට අමානුෂිකත්වයේ සීමාවන් පවා බිඳහෙළමින් යා හැකි දුර කෙතරම්දැයි මොනවට කියාපාන කතාන්තරයක් මේ. කොන්රෝයි ඉරාකයේ ට්‍රක්-රථ රියැදුරෙක් ලෙස ජීවිකාවෙහි නිරතවන ඇමෙරිකානු ජාතිකයෙක්. දිනක් ඔහු අවදි වෙනවා. හැබැයි හීනෙකින්වත් නොහිතපු තැනක. මිනීපෙට්ටියක; පොළව යට. ඔහු ඇතුළු අනෙකුත් සගයන් භාණ්ඩ ප්‍රවාහනයක නිරත වෙමින් සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙලා අනෙකුත් සියලුම සගයන් ඉන් මියගිය බව ඔහුට මතකයි. හැබැයි ඉන් එහාට කිසිවක් ඔහු දන්නේ නෑ. දන්නේ තමා කොහේ හෝ තැනක පණපිටින් වළදමා ඇති බව පමණයි.

ඔහු පණ බේරා ගැනීමට නොදරන තැතක් නැහැ. ‘911’ විතරක් නෙවෙයි ‘FBI’ එකට පවා ඇමතුම් දෙමින් තමන් වැටී ඇති තත්ත්වය ගැන කියමින් උදව් ඉල්ලා සිටිනවා. ඔහුට මේ උදව් ලැබෙයිද? දිවිගළවා ගැනීමට හැකි වෙයිද? කාලය ඔහුට හරස්වෙයිද?

මේ සියලුම ප්‍රශ්න වලට උත්තර මේ සිනමාවේ අඩංගුයි. මේවාට විසඳුම් ඕනෑනම් මේක බලන්න වෙනවා. දෙපසට දෝළනය වෙමින් බොහොම කුතුහලාත්මකව නැරඹිය හැකි බවත් මෙවන් තත්ත්වයකට මුහුණ දෙන මිනිසෙකුගේ අසරණභාවය හොඳින් හුවා දැක්වීමට සමත් සිනමාවක් බවත් කිවයුතුමයි. ඕගොල්ලන්ට මතකද දන්නේ නෑ වතාවක් මම එක්තරා විශේෂත්වයකින් යුතු චිත්‍රපටයක් ඕගොල්ලන්ට දුන්නා, ‘Exam’ නමින්. මේ චිත්‍රපටයේත් එම විශේෂත්වයම අඩංගුවෙනවා, ඒනම් එකම එක පසුතලයක් පමණක් පදනම් කරගනිමින් මේ කතාව දිවයාම. එහෙනම් තවත් වරක් ඒ භාවිතය රසවිඳලා, ඉන් ඔබ විඳි රසය ගැනත් සඳහනක් කරන්න අමතක කරන්න එපා.

Buried (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Buried (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Buried (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Buried (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Buried (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Buried (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උදාර රාජපක්ෂ (ශාන්) (Baicope)
IMDb 7 /10 171,006 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ryan Reynolds isPaul Conroy
Paul Conroy
Robert Paterson isDan Brenner (voice)
Dan Brenner (voice)
Stephen Tobolowsky isAlan Davenport (voice)
Alan Davenport (voice)
Samantha Mathis isLinda Conroy (voice)
Linda Conroy (voice)
Ivana Miño isPamela Lutti (voice)
Pamela Lutti (voice)
Warner Loughlin isMaryanne Conroy / Donna Mitchell / Rebecca Browning (voice)
Maryanne Conroy / Donna Mitchell / Rebecca Browning (voice)
Erik Palladino isSpecial Agent Harris (voice)
Special Agent Harris (voice)
Kali Rocha is911 Operator (voice)
911 Operator (voice)
Chris William Martin isState Department Rep. (voice)
State Department Rep. (voice)

Similar titles

Sneakerella (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandi Veeran (2015) with Sinhala Subtitles |බොන්නෙත් ලුණු වතුර, කවුරු පිහිට වෙයිදෝ මෙයාලට !!! [සිංහල උපසිරසි සමඟ]
The Invitation (2022) Sinhala Subtitles
Wrong Turn 3: Left for Dead (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Ralph Breaks the Internet (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Varthamanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Halloween (2018) Sinhala Subtitles
Elvis (2022) Sinhala Subtitles
Drishyam (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
August 16, 1947 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Download Links Fixed
The Accountant (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan March 9, 2025 Reply

    F

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published