CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3254 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 09, 2024United States103 Min.
Your rating: 0
9.1 31 votes
Caddo Lake (2024) | කැඩෝ විලේ අභිරහස

 

 ඉතින් තවත් නවතම සුපිරි ගණයේ American, Drama, Mystery, Thriller ෆිල්ම් එකකට තමයි සබ් එකක් අරන් ආවෙ. අභිරහස් කතා වලට ප්‍රිය කරන රසිකයින්ට නම් අංක එකේ ෆිලුමක්. මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බෑ. චිත්‍රපටය තමයි පසුගිය 2024 ඔක්තෝබර් 10 දින HBO Max හරහා නිකුත් වුනු Caddo Lake. අධ්‍යක්ෂනය සහ තිර රචනය Celine Held සහ Logan George යුවලගෙන්. රංගනයෙන් එකතු වෙනවා, අපේ “මේස් රනර්” කොලුවා, Dylan O’Brien (පැරිස්) සමග Eliza Scanlen (එලී), Caroline Falk (ඇනා), Lauren Ambrose (සෙලෙස්ටේ), සහ Eric Lange (ඩැනියෙල්). ධාවන කාලය විනාඩි 99 යි.

         ඇමෙරිකාවෙ ටෙක්සාස් සහ ලුයීසියානා ප්‍රාන්ත මායිම් අතර පිහිටි වර්ග කිලෝමීටර් 102.8 ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කැඩෝ විල පසුබිම් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් මේ කැඩෝ විලේ යම් යම් අමුතු දේවල් වෙනවා. එක ළමයෙක් ඉස්කෝලෙදි කියනවා එයා විලේ වෘකයන් දැක්ක කියල. නමුත් ටීචර් කියනවා ඒක කීයටවත් වෙන්න බෑ, මොකද දැන් ඒ පළාතේ වෘකයෝ ජීවත් වෙන්නෙ නෑ කියලා. කතාවෙ ප්‍රධාන චරිතය වෙන එලීගේ මිතුරිය, ක්ලෙයාර් කියනවා එයාටත් වෙලාවකට විලෙන් අමුතු සද්ද ඇහෙනවා කියලා. එලීගේ නංගි ඇනා බෙකට් විලෙන් අහුලන් එනවා විශාල සලබයන් වගයක්. වැඩිහිටියො කියන්නෙ උන් දැන් නෑ, වඳ වෙලා ගිහින් කියලා. මේ අතරෙ තමයි විල අසබඩ ජීවත්වෙන අවුරුදු 8 ක් වයසැති ඇනා බෙනට් කැඩෝ විලේදි අතුරුදහන් වෙන්නෙ. එහෙම හිතන්නෙ ඒ සමගම ඔවුන්ගෙ ඩිංගි බෝට්ටුවත් නැතිවෙලා හින්දා. ඇය කලිනුත් එක පාරක් බෝට්ටුවෙන් විලට ගිහින් තියෙනවා. කොහොම වුනත් අක්කර 26810 ක විශාලත්වයකින් යුතු, අතු දිය පාරවල් සහ දූපත් රාශියකින් සමන්විත කැඩෝ විලේ ඇයව සෙවීම ලේසි පහසු වැඩක් නෙමේ. ඇත්තටම ඇයට මොකද වුනේ? මීට වඩා නම් කියන්න යන්නෑ රජෝ! කැඩෝ විලේ මම අතරමන් වුනා වගේ ඔයාලත් අතරමන් නොවුනොත් ෆිල්ම් එකෙන් වැඩක් නෑ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ, ආවාට ගියාට නම් මේ චිත්‍රපටය බලන්න එපා. වෙන්නෙ මොකද ඔයාලට හිතාගන්න බැරිවෙයි. සියලු වැඩ අත්හැර බලන්න. නැත්නම් ඔට්ටුයි ඔයාලට රිවයින්ඩ් කරලා නැවත බලන්න වෙනවා.

Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 6.9 /10 20,367 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Celine Held
Director

Cast

Lance E. Nichols isDoctor Mitchell
Doctor Mitchell
Nina Leon isDoctor Martha
Doctor Martha
David Maldonado isSheriff Mark Tanner
Sheriff Mark Tanner
Kim Baptiste isChurch Lady Bev
Church Lady Bev

Similar titles

Locked (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Man’s Land (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Grahanam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sardar Ka Grandson (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Codename: Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rush Hour 3 (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Costao (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tad – The Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan October 15, 2025 Reply

    ❤️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published