EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Chakravyuham: The Trap (2023) | “සිරී මැරිලා”

(Chakravyuham: The Trap (2023) Sinhala Subtitles) (Chakravyuham: The Trap (2023) Sinhala Sub)

” සිරී… සිරී…සිරී…”

“ඒයි සරත්..”

“සිරී මැරිලා “

ආයුබෝවන් කියලා පිලිගනන්වා තවත් මලයාලම් මාස්ටර් පීස් එකක් බලන්න ආපු ඔයාලා සේරමලව. සාමාන්‍යයන් ඉතින් මම හින්දි , තෙලිගු, මලයාලම් ඒවට Sub කරන්නෙම නැති තරම්.. ඒත් මේ ෆිල්ම් එක මම අහම්බෙන් අද බැලුවේ සහ මට හිතුනා මේකට සබ් කරන්න.. ඒ එකම හේතුව මගේ වචන වලින් කියනවා නම් මේක අති සුපිරියක්..

විනාඩි 111ක් පුරා දිවෙන මේ තෙලිඟු ෆිල්ම් එක ගත්⁣තොත් මෑත ඉතිහාසයේ ගත්ත මම බලපු සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් මම වැරදි නෑ..ජූලි මාසේ 2 වෙනිදා රිලීස් වුන ෆිල්ම් එකේ හොද කොපි එකක් මට හම්බවුනේ 6 ⁣වෙනිදා.. ඉතින් මේ අලුත්ම අලුත් ෆිල්ම් එක කාටත් කලින් අරන් එන්න සිනෙරූ ටීම් එකයි මමයි ලොකු කට්ටක් කෑවා..ඉතින් බලලා ෆිල්ම් එක ගැන කමෙන්ට් එකක් දාන් යන්නත් අමතක කරන්න එපා..

ෆිල්ම් එක ගැන කතා කරොත් මේක අයිති වෙන්නේ Crime / Mystery / Thriller යන කාණ්ඩයන් වලට.. චෙත්කුරි මධුසුදන් අධ්‍යක්ෂනය කරපු සහ රංග⁣නයෙන් අජය ,ඥානේශ්වරී , කදුරේගුලා, විවේක් වගේ ජනප්‍රිය නලු නිලියක් කිහිප දෙනෙකුගේම දායකත්වය ලැබිලා තියනවා.. මේකේ රේටින් ගැන ගත්තොත් IMDB 9 කුත් , Google පරිශිලක 100% කුත් ගන්න සමත් වෙලා තියනවා…ඒකෙන්ම තේරෙයි ඔයාට මේ ෆිල්ම් එක ෆිල්ම් එකක් ම විතරක් නොවෙන්නේ ඇයි කියලත්..

අපි කතාව පැත්තට ගියොත් අපේ කතා නායිකාව වෙන සිරී කවුරැ හරි ගෙදර මරලා දාලා තියනවා අපිට බලන්න පුලුවන් මුලදිම. . මේ පරීක්ෂණය බාරව ඉන්නේ සත්‍යා කියලා පොලිස් නිලධාරියෙක්.. මේ සිරී ගැන කිසිම නකර දෙයක් මුලදි නම් මෙයාලට හොයාගන්න ලැබෙන්නෑ.. පස්සේ පස්සේ සිරී ගේ සැමියා වන සංජය එක්ක ගෙදර වුනාය රන්ඩුත් එක්ක පොලිස් විමර්ෂන් සංජයේ පැත්තට එන්න ගන්නවා.. ඒත් නොහිතපු විදිහට මේ කතාව වෙනස්ම තැනකට අපිව අරන් යනවා… ඔයා ඒ කතාව එහෙම බලාගෙන යද්දි ඔයාව කරකවලා අත ඇරියා වගේ වෙනම පැත්තකට ආයමත් කතාව හැරෙන්න ගන්නවා..ඔයාට අවසානය හිතා ගන්න වත් බැරි වෙන්න මෙයාලා මේක කරලා තියනවා.. ඉතින් කතාව ගැන ඊට වැඩිය කියන්නෑ.. වගකීමෙන් කියනවා මේ අතිසුපිරිය බලන්න කියලා..

Comments