CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2434 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 13, 2005United States115 Min.
Your rating: 0
9.3 19 votes
Charlie and the Chocolate Factory (2005) | චාලි හා අරුම පුදුම චොකලට් කම්හල
    Chocolate Factory Complete Collection
  1. Charlie and the Chocolate Factory (2005)
  2. Wonka (2023)

ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම මේ චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුණු නිසයි BAFTA, Golden Globes, Oscar ඇතුළු තව සම්මාන බොහොමයක් සඳහා නිර්දේශ වුණේ. Tim Burtonගේ අධ්‍යයක්ෂණයක් වන මෙම චිත්‍රපටයෙ Johnny Depp සහ Freddie Highmoreගේ අතිවිශිෂ්ට රංගනය දැකගන්න අපිට පුලුවන්. Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

1964 වසරේදි Roald Dahl විසින් රචිත Charlie and the Chocolate Factory නවකතාව තමයි මේ චිත්‍රපටයට පදනම සපයන්නේ. මීට කලින් 1971 වසරේ නිකුත් වුණු Willy Wonka & the Chocolate Factory (1971) චිත්‍රපටය ඔයාලා බලලා ඇති කියලා හිතනවා. හැබැයි ඒ කතාවේ සහ මේ කතාවේ පැහැදිලි වෙනස්කම් කීපයක්ම තියෙනවා කියලත් කියන්න ඕණ. අහ් මතකද දන්නෑ විලී වොන්කා වතාවක් ටොම් ඇන්ඩ් ජෙරීවත් මුණගැහුණා. ඒ සිද්ධිය දැනගන්න 2017 අවුරුද්දෙදි නිකුත් වුණ Tom and Jerry: Willy Wonka and the Chocolate Factory (2017) ඇනිමේෂන් ෆිල්ම් එක බලන්න.

1964 වසරේදි Roald Dahlගේ Charlie and the Chocolate Factory නවකතාව

ඒ වගේම මතක් කරන්න ආසයි ලබන දෙසැම්බර් මාසයේදී විලී වොන්කාගේ ජීවිත කතාව මූලික කරගත්ත, Wonka (2023) චිත්‍රපටයත් නිකුත් වෙන්න නියමිතයි. ඉතින් ඒ ෆිල්ම් එක බලන්නත් ලෑස්ති වෙලා ඉන්න හැමෝම. Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

ඉතින් මේ චිත්‍රපටය ගැන කතා කරනවනම්, විලී වොන්කා කියන්නේ චොකලට් සාදන්නෙක්. කාටවත් එන්නේ නැති පුදුමාකාර නානාවිධ නිර්මාණශීලී අදහස් තිබෙන වොන්කාගේ දියුණුවත් එක්ක ඔහුට හැකි වෙනව ලෝකයේ තියෙන ලොකුම චොකලට් ෆැක්ට්‍රිය දාන්න. හැබැයි කාලයක් යද්දි එයාගේ තරඟකාර පැණි රස කැවිලි සමාගම් ඔත්තුකාරයන්ව එවලා වොන්කාගේ රහස් වට්ටෝරු එකින් එක හොරකම් කරලා එයාලාගේ සමාගම්වලින් එළියට දානවා. මේ කාරණය නිසා විලී වොන්කා තීරණය කරනවා, සියලු සේවකයන්ව අස් කරලා දාලා, ෆැක්‍ට්‍රිය සදහටම වහලා දාන්න.

හැබැයි දවසක් හැමෝම පුදුම හිතෙන දෙයක් දකිනවා. විලී ‍ වොන්කාගෙ චොකලට් කම්හලේ චිමිනියෙන් දුම් නගිනවා. ඒත් සේවකයො කවුරුත් නැතිව වැඩ කරන්නේ කවුද? යන්ත්‍ර සූත්‍ර වැඩ කරවන්නේ කවුද? Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

ඒක දැනගන්න ආස හැමෝටම ඒ සඳහා අවස්තාවක් ලබා දෙන්න විලී වොන්කා තීරණය කරනවා. ඒ ගෝල්ඩන් ටිකට් පහක් අහඹු විදිහට ඔහු හදන චොකලට් පෙට්ටි ඇතුළෙ දාලා ළමයි පස් දෙනෙක්ට ෆැක්‍ට්‍රිය බලන්න එන්න දෙන්න අවසර ලබා දීම මගින්. ලෝකේ පුරාම දැන් එක කලබලයයි මේ චොකලට් ගන්න එක වෙනුවෙන්. Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

චාලි බකට් කියන්නේ එදා වේලවත් හරි හැටි නොලැබුණු පවුලක එකම ළමයා. චාලිගේ තාත්තා වැඩ කරන්නේ ටූත්පේස්ට් හදන ෆැක්ට්‍රියක පොඩි පඩියකට, චාලිගේ අම්මාගේ ලොකුම රාජකාරිය එයාලගේ ගෝවා වගාවෙන් ලැබෙන ගෝවාවලින් සුප් හදලා එදා වේල පිරිමහන ‍එක. චාලිගේ අම්මගේ තාත්තා, ඒ කියන්නේ ‍චාලිගේ සීයා ජෝ, අවුරුදු ගාණකට කලින් විලී වොන්කාගේ ෆැක්ට්‍රියේ සේවකයෙක් වෙලා හිටපු කෙනෙක්. පුංචි චාලිගේ වගේම ජෝ සීයාගේ එකම ආසාව මේ ගෝල්‍ඩන් ටිකට් එකක් හොයාගෙන ෆැක්‍ට්‍රිය බලන්න යන්නයි. Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles

හැබැයි අවුරුද්දටම චාලිට ලැබුණේ එකම එක චොකලට් එකක් විතරයි, ඒ චාලිගේ උපන් දිනය වෙනුවෙන්. ඉතින් චාලිට ඒ අවස්ථාව ලැබෙන එකත් හීනයක්ම විතරයි කියලා ඔයාලට හිතෙයි. හැබැයි ඉන් එහාට මොනව වෙයිද?

ලොකු කතාවක් හැංගිලා තියෙන ලස්සන කතාවක් තියෙන මේ චිත්‍රපටය එහෙනම් පවුලේ හැමෝම එක්ක එකතු වෙලා රස විඳින්න කියලා ආරධනා කරනවා.

    Chocolate Factory Complete Collection
  1. Charlie and the Chocolate Factory (2005)
  2. Wonka (2023)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එල්.සී.දමැල් (Baiscopelk)
IMDb 6.7 /10 511,050 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Tim Burton
Director

Cast

Johnny Depp isWilly Wonka
Willy Wonka
Freddie Highmore isCharlie Bucket
Charlie Bucket
David Kelly isGrandpa Joe
Grandpa Joe
Noah Taylor isMr. Bucket
Mr. Bucket
Missi Pyle isMrs. Beauregarde
Mrs. Beauregarde
James Fox isMr. Salt
Mr. Salt
Deep Roy isOompa Loompa
Oompa Loompa
Adam Godley isMr. Teavee
Mr. Teavee

Similar titles

Army of Thieves (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Khoobsurat (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Invitation (2022) Sinhala Subtitles
Monsters of Man (2020) With Sinhala Subtitles
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yevade Subramanyam (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon Tiger Gate (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Race 2 (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outside the Wire (2021) Sinhala Subtitle

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published