CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2084 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Chhaava (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chhaava (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 14, 2025India161 Min.
Your rating: 0
8.9 24 votes
Chhaava (2025) | සිංහ පැටවෙකුගේ ආගමනය

 

මේක ඓතිහාසික ක්‍රියාදාම (historical action film) ශානරය යටතේ නිපදවන ලද චිත්‍රපටයක්. වාණිජ අතින් මෙය කෝටි 140ක් පමණ වැය කර නිපදවා රුපියල් කෝටි 780ක් ඉක්මවා ආදායමක් ලබපු අති සාර් ථක චිත්‍රපටයක්. මේ වන විට ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම අදායම් ලැයිස්තුවේ 13 වන තැනත් හින්දි සිනමාවේ අටවන වන තැනත් මේ චිත්‍රපටය ලබා ගෙන තිබෙනවා.

විකී කෞශාල්, රශ්මිකා මන්දානා, ආක්ශේ කන්නා ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රාශියක් සමග ලක්ෂ්මන් උටේකාර් විසින් අධ්‍යක්ශනය කරන ලද මෙම චිත්‍රපටය ශිවාජි සවන්ත්ගේ චාවා නම් වූ ඓතිහාසික නවකතාවක් ආශ්‍රයෙන් නිපදවූවක්. ඒ වගේම මෙහි සංගීත අධ්‍යක්ෂනය ඒ ආර් රහමන්ගෙන්.

ක්‍රිස්තු වර්ෂ එක්දහස් පන්සිය ගණන් වල බිහිවී ඉන්දියාව පුරා ව්‍යාප්ත වූ බල සම්පන්න මුස්ලිම් මෝගල් අධිරාජ්‍යයත් ඊට එරෙහිව බිහිවූ ඩෙකෑන් සානුව මූලික කර ගත් වර්තමාන මහාරාෂ්ත්‍ර ප්‍රදේශය මූලික කර ගත් මරාතා රාජධානියත් අතර ඇති වනු ලබන සටන් ආශ්‍රිතව මේ කතාව ගොඩ නැගී තිබෙන්නේ. මෝගලුන්ගේ අවසන් බලසම්පන්න අධිරාජ්‍යයා වූ අවුරන්ග්සෙබ්ට එරෙහිව සටන් කල චත්‍රපති ශිවාජි රජුගේ අභාවයත් සමග එම ප්‍රදේශයත් තමා යටතට ගැනීමට උත්සාහ කරන මෝගල් අධිරාජ්‍යයාට මුහුණ දීමට ඔටුන්න හිමි කුමරු ශිවාජිගේ පුත්‍ර සම්භාජීගේ ලක ලෑස්තියත් සමග මේ කතාව ආරම්භ වෙනවා. ඇත්තෙන්ම අධ්‍යක්ශක වරයා පවසන්නේ මේ සම්භාජී චරිතයට ඓතිහාසික පුරාවෘත්තයන් මගින් සාධාරණයක් ඉටු කර නැත යන්නයි. ඒ අනුව ඔහු වීරයෙක් ලෙස කරළියට ගෙන එනවා. දෙපැත්තේම පාවාදීම්, ද්‍රෝහී කම්, බල අරගල අස්සේ මේ කතාව ඇදී යනවා. මෙහි සෑම අංශයක්ම ඉතා ඉහළ මට්ටමේ තිබෙනවා. හිංදි සිනමා ලෝළීන් කිසි විටෙකත් මග නොහැරිය යුතු චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

මේ චිත්‍රපටය තුල මුසල්මාන මෝගල් අධිරාජ්‍යය කෲර අන්‍ය ආගම් විරෝධී පාලනයක් සේ හුවා දක්වීම හේතු කොට ගෙන සමහර ප්‍රදේශවල දැඩි ආගමික නොසන්සුන් කාරී තත්වයන් ගොඩ නැගුණු බවත් ආරංචි උනා. ඉන්දියාවේ මෙවැනි චිත්‍රපටයකට පහසුවෙන්ම එවැනි ගැටුම් නිර්මාණය කරන්න පුළුවන්. ඒත් ඒ සියල්ල පසෙක ලා මෙය තවත් ඉතා සුන්දර කළාත්මක නිර් මාණයක් සහ වානිජ අතින් අති සාර් ථක චිත්‍රපටයක් ලෙස ඉතිහාසයට එක් වීමට මෙයට කිසිදු බාධාවක් උනේ නෑ.

එහෙනම් මේ නිවාඩු කාලයේ රස විඳින්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7.7 /10 26,617 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vicky Kaushal isChhatrapati Sambhaji Maharaj
Chhatrapati Sambhaji Maharaj
Rashmika Mandanna isYesubai Bhonsale
Yesubai Bhonsale
Ashutosh Rana isSarlashkar Hambirrao Mohite
Sarlashkar Hambirrao Mohite
Divya Dutta isRajmata Soyarabai Bhosale
Rajmata Soyarabai Bhosale
Vineet Kumar Singh isChandogamatya Kavi Kalash
Chandogamatya Kavi Kalash
Neil Bhoopalam isShehzada Akbar
Shehzada Akbar

Similar titles

Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nice View (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman: Red Son (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pamali: The Corpse Village (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along With the Gods: The Last 49 Days (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Velayudham (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]
Geetha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • ishan Wanninayaka April 12, 2025 Reply

    Brother මෙි adolescence tv series එක දෙන්නකො episode ඔක්කොම ඇවිල්ලා තියෙන්නෙ sinhala subtitles එක්ක download කරන්න විදියක් නැතුව ඉන්නෙ

  • Nuwan April 16, 2025 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published