EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Chicken Run (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageChicken Run (2000) | කුකුල් පැටවුන්ගේ පලායාම
මේකේ කතාව යන්නේ ට්විඩී නැමැත්තාගේ කුකුල් ගොවිපල තුල ඉන්න කිකිළියන් වටායි.මෙහි ප්‍රධානම වශයෙන් කෙරෙන්නේ බිත්තර ලබා ගැනීමයි.නමුත් කිකිළියන් බිත්තර දැමීම නැවතූ කල්හි එම කිකිළියගේ හිස ගසා මරා දැමීම සිදුවේ.ඉතින් මෙහි ඉන්න ජින්ජර් නමැති කිකිළිය හැම මොහොතකම උත්සහ කරන්න මෙයින් පැන යන්නයි.නමුත් තනියම නෙමෙයි සියලුම දෙනා සමග.කොතරම් උත්සහ කලත් හැම වතාවකම හසුවෙනවා.ඔය අතර අහම්බෙන් මේකට කුකුලෙක් එනවා. ජින්ජර් දකින්නේ මේ කුකුලා පියාබගෙන එනවයි. ඉතින් ඇය කියනවා ඔවුන්ට පියාබන්න උගන්වන්න කියල මෙයින් පලා යන්න.ඔහුත් එය කලින් අකමැති උනත් බාර ගන්නවා. නමුත් ඇත්තම කරුණ නම් මොහුටවත් පියාබන්න බැරි වීමයි.
ඔය අතර ගොවිපලේ අදායම වැඩි කරන්න කියා ස්වයංකිය යන්ත්‍රයක් ගෙනත් සවි කරනවා.මෙයින් කෙරෙන්නේ කුකුලෙක් දැම්මහම අනිත් පැත්තෙන් විවිද වර්ගයේ කෑම වර්ග සෑදී පිටතට පැමිණීමයි. මේ කුකුල් ගොවිපලේ ඉන්න කිකිලියන්ගේ ඉරණම කෙසේ විසදෙයිද ?ඔවුන්ට පලා යන්න හැකිවෙයිද? බිත්තර දෙනවනම් ඕනිම දෙයක් කරන මියන් දෙන්න මොවුන්ට උදව් කරයිද ?මේ සියලු දේවල් බලන්න කැමතිනම් ඔයාලටත් අරන් බලන්න කියා මා ඉල්ලා සිටිනවා.
ඒ වගේම මෙය ඉතාමත්ම සංවේදී කතාවක් එනම් ඇත්තටම අපි නොසිතුවට සතුන්ගේ මානසික තත්වය යන බිදක් හෝ කතා කරන කතාවක් මේක .අපි කඩේ තියෙනබිත්තරයක්,මස් ටිකක් ගෙනක් කෑවත් අපි ඒ ගැන වැඩිය හිතන් නැහැ.නමුත් ඇත්තටම අපි නිසා විදවන සතුන් ගැන ටිකක් අපිට සිතන්න වෙන කතාවක් මේක. මෙහි උපසිරසිගොනුව තිබුනේ අනිත් ඒවා වගේ නෙමේ .ඉතින් මම ඒකත් හදමින් තමයි මේක කලේ ඔයාලට බලනවිට සමහරවිට තේරෙයි.ඒ වගේම මේකේ අන්තිමට මියන් දෙන්න කථාවෙනවා කලින් ආවේ බිත්තරයද?,කිකිලිද කියල?
- Chicken Run (2000)
- Chicken Run: Dawn of the Nugget (2023)











