EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageCobweb (2023) | බිහිසුණු මකුළු දැලේ අභිරහස
පීටර් කියන්නේ අහිංසක ඒ නිසාම පාසලේදී නිතර අනිත් ළමයින්ගෙන් කරදර විදින්න වෙන ළමයෙක්. ඉතිං හැලෝවීන් කාලේ ළං වෙද්දි මෙයාටත් අනිත් ලමයි වගේ ගෙවල් වලට ගිහින් ට්‍රික් ඕර් ට්‍රීට් කරන්න ඕන වෙනවා. ඔයාලා දන්නවනේ ඔක්තෝබර් 31 වෙනිදට බටහිර රටවල හැලෝවීන් කියලා සමරන උත්සවය ගැන. එදා රෑට පොඩි ළමයි විවිධ ඇඳුම් වලින් සැරසිලා අහල පහල ගෙවල් වලට ගිහින් සිංදු කියලා පැණිරස ජාති ඉල්ලගෙන එකට තමයි ට්‍රික් ඕර් ට්‍රීට් කියන්නේ. ඒත් පීටර්ගේ අම්මයි තාත්තයිනම් මේ වැඩේට කැමති වෙන්නේ නෑ. මොකද ඒ පළාතේ මීට අවුරුදු ගාණකට කලින් හැලෝවීන් දවසේ පුංචි ගෑණු ළමයෙක් අතුරුදහන් වෙලා තියෙනවා වගේම ඒ අබිරහස තාම විසඳීලා නැති නිසයි. ඉතිං දවසක් පීටර්ට තමන්ගේ කාමරේ බිත්තිය ඇතුලෙන් තට්ටු කරන සද්දයක් ඇහෙනවා. කල් යද්දි මේ සද්දේ වැඩි වෙනවා වගේම බිත්තිය ඇතුලින් කටහඩකුත් ඇහෙන්න ගත්තම තමයි පීටර් හොඳටම බයවෙන්නේ. ඉතිං මේ සද්දේ මොකක්ද කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා. මම කලින් කිව්වා වගේ මේක සාම්ප්‍රදායික හොල්මන් ෆිල්ම් එකක් කියලා හිතාගෙනනම් බලන්න එපා. අවසානය උඩුයටිකුරු එකක් වෙනවා කියලා මම ඔයාලට සහතික වෙනවා.











