EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Crakk (2024) | “දින්නොත් ජීවත් වේවි”


Crakk කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුන ගොඩක් අය OTT එනකම් බලන් ඉදපු ෆිලුමක් තමයි.. මේක අයත් වෙන්නෙ, Sport / Action කියන කැටගරි එකට.. හින්දි භාෂාවෙන් තිරගත වුන මේ චිත්‍රපටය මිනිත්තු 154 පුරාවට දිව යනව.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ Aditya Datt කියන අධ්‍යක්ෂකවරය විසින්.. ගොඩක් අය මේක බලන්නෙ මේකෙ ප්‍රධාන චරිතය කරන සුපිරි නළු Vidyut Jammwal නිසානේ.. එයාගෙ රංගනයට ගොඩක් අය ආසයිනෙ. කාලෙකට පස්සෙ විද්‍යුත්ගෙ බලන්න පුලුවන් මට්ටමේ හොද ෆිල්ම් එකක් ආවා කියලනම් අවිවාදයෙන්ම කියන්න පුලුවන්.

Cast

Vidyut Jammwal as Siddharth “Siddhu” Dixit

Arjun Rampal as Dev

Nora Fatehi as Alia

Amy Jackson as Patricia Novak

Film එකේ අන්තර්ගතය ගැන කිව්වොත්..

නිහාල් කියන්නෙ සිද්ගෙ අයියා.. තරඟයකට සෙල්ලම් කරන්න ගිහින් එයා මැරෙනවා. එතකොට සිද් කියන්නෙ පොඩ්ඩක් හිතුවක්කාර කොල්කෙල්.. කවුරු මොනවා කිව්වත් පොර කරන්න පොරට ඕන දේ. මෙහෙම ඉන්නකොට අයියා ගිය තරගෙටම සිද්දුත් ඇප්ලයි කරනවා. කොහොමහරි එයාට මෙයිදාන් එකට යන්න පුලුවන් වෙනවා. අන්න එතනට ගියාම තමා එයාට දේව්ව හම්බවෙන්නෙ.

කවුද මේ දේව්?

සිද්දුගෙ අයියා මැරුණෙ කොහොමද?

දේව් පෝලන්තයෙ කරගෙන යන රහස් ජාවාරම මොකක්ද?

සිද් එහෙට යන්නෙ එයාගෙ අයියගෙ මරණයෙ පලිය ගන්නද?

සිද්ට තරඟෙන් දිනලා සල්ලි ඔක්කොම ගන්න පුලුවන් වෙයිද?

මේ ප්‍රශ්නවලට උත්තරත් ඔයාලට ෆිල්ම් එක බැලුවොත් හම්බවෙයි. එහෙනම් එක හුස්මට බලන්න පුලුවන් මේ සලරුව ඔයාලත් රසවිඳින්නකෝ.

Comments