EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dange (2024) | ලොකුම සීනියර්

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Harshvardhan Rane එහෙම නැත්නම් හැමෝම දන්න සනම් තේරී කසම් එකේ ඉන්දර් රංගනයෙන් දායක උන dange (2024) ෆිල්ම් එක..

මේකෙම ටැමිල් version එකකුත් තියෙනවා..මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හින්දි එකට..
IMDB දර්ශකයේ 6.5 ක වගෙ අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් කැම්පස් එකක් වටා තමයි කතාව යන්නෙ..
අපේ ප්‍රධාන චරිතෙ Harshvardhan Rane මේකෙ සේවියර් එහෙම නැත්නම් සී කියන චරිතය නිරූපණය කරනවා..සී කියන්නෙ හතර වතාවක්ම ෆේල් උන කැම්පස් එකේ ලොකුම සීනියර්.. ඒ වගේම මෙයා රණ්ඩු කරගන්න ටිකක් දඩබ්බර චරිතයක්..එතකොට ටික දවසකින්  මේ කැම්පස් එකටම ජූනියර් කෙනෙක් විදියට යුවරාජ් එහෙමත් නැත්නම් යුවා එනවා..මේ දෙන්නා ඉස්සරම හොද යාලුවො දෙන්නෙක්…ඒ කාලෙ උන සිද්දියක් නිසා මේ දෙන්නා තරහා වෙනවා…ඊටපස්සෙ අවුරුදු ගානකින් තමයි හම්බවෙන්නෙ මෙයාලා..

ඉතින් යුවරාජ්ට ඕන වෙන්නෙ කොහොමහරි හේතුවක් හදාගෙන සී එක්ක පැටලෙන්න…එතකොට සීට ඕන මෙයාගෙන් සමාව ගන්න..ඒත් යුවරාජ් සීට සමාව දෙන්නෙනම් නෑ එහෙම ලේසියෙන්..

ඉස්සරහට මේ දෙන්නා අතරෙ මොන මොනවා වෙයිද..?මේක දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා

ඉතින් මේ ලස්සන හින්දි ෆිල්ම් එකත් බලන්න කියලා ආරාධනා කරනවා

Comments

October 23, 2024

❤️👍