EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dangerous Waters (2023) | බිහිසුණු ජලය

Dangerous Water (2023) බිහිසුණු ජලය (2023) ඉතාමත් සිත්ගන්නා කතාවක් වටා ගෙතුනු චිත්‍රපටයක්. ඉතින් IMDbහි 5.2ක අගයක් තමයි අරන් තියෙන්නෙ. මෙයාලා යනවා බර්මියුඩාවට චාරිකාවක්. මෙයාලා කිව්වේ කතා නායිකාවයි, එයාගේ අම්මයි, අම්මගේ සහකරුවයි තමයි යන්නෙ. ඉතින් ඒ චාරිකාව අතරතුර සිදුවන සිද්ධි මලාවන් වලින් තමයි මෙම කතාව ගොඩ නැගෙන්නෙ පාදක වෙන්නෙ. චිත්‍රපටයේ කතාව කිව්වම ඒකේ රසය නැතිවෙනවනෙ. ඔයාලත් නරඹලාම තීරණය කරන්න.

ඉතින් මේක ‍ඩොමිනිකන් රාජ්‍යයේ ලස්සන මැනවින් පිළිඹිබු වන පරිසරයක් තුල තමයි රූගත කිරිම් කරලා තියෙන්නෙ. ඇත්තටම කිව්වොත් ලංකාවට බෙහෙවින් සමාන පරිසර පද්ධතියක් චිත්‍රපටය තුලින් පෙන්නුම් කරනවා.

2022 මැයි මාසයේදී Odeya Rush, Saffron Burrows, Eric Dane සහ Ray Liotta සමඟින් මෙම චිත්‍රපටිය රූගත කිරීම් ආරම්භ කරනවා. එය John Bar ගේ කතාවක් පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර එය රචනා කර ඇත්තේ Mark Jackson විසින්. අවාසනාවන්ත ලෙස මැයි 26 වෙනිදා Ray Liotta කියන මේ අසහාය නළුවා රූගත කිරීම් අතරතුර කාලයේ, නින්දට ගොස් සිටින විට සැන්ටෝ ඩොමින්ගෝ කියන නගරයේදි ඔහුගේ නින්දෙන්ම මිය යනවා.

Comments

October 16, 2025

❤️