EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDays of Glory (2006) | විජයග්‍රහණයේ නිරුවත…..
IMDb දර්ශකයේ 7.1 ක් එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලසම්මාන 9 ක් සහ නිර්දේශවීම් 13 ක් ලබාගත්තු දෙවන ලෝක යුද සමයේ ප්‍රංශය වෙනුවෙන් සටන් කල ප්‍රංශ ජාතික සොල්දාදුවන් පදනම් කරගෙන නිපදවූ සුපිරිම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක 2007 අවුරුද්දේ ඔස්කාර් සම්මන උලෙළේදී හොදම විදේශ භාෂා චිත්‍රපටය සදහා නිර්දේශ උනා. නමුත් ඒ වසරේදීම තිරගත වූ “The Lives of Others (2006) ද්‍රෝහියා ඔබයි……!” ෆිල්ම් එකට ඒ සම්මානෙ ලැබෙනකොට නිර්දේශ වීමෙන් විතරක් සෑහීමකට පත් වෙන්න මේ ෆිල්ම් එකට සිද්ධ උනා.සම්මානෙ නොලැබුනත් මේ ෆිල්ම් එකත් අනිත් එක තරමටම සුපිරි සිනමා සිත්තමක් කියන එකයි මගේ නං හැගීම. තව එක දෙයක් තියෙනවා, සාම්ප්‍රදායික යුද ෆිල්ම් එකක් බලනවට වඩා වෙනස් ඇහැකින් මේක දිහා බලන් හිටියොත් මේ ෆිල්ම් එකෙන්ලෝකයාට කියන්න හදන අයුක්තියට අසාධාරණයට ලක්වෙන සාමාන්‍ය සොල්දාදුවන්ගේ දුක් ගීය ඔබේ හදවතටත් දැනේවි.
මේකේ කතාව දිවෙන්නේ එකිනෙකට වෙනස් ප්‍රංශ ජනපද වලට අයිති සොල්දාදුවො හය දෙනෙක් වටායි.කෝප්‍රල් අබ්දෙල්කාඩර් – මෙයා තමයි කණ්ඩායමේ නායකය වගේම ලියන්න කියවන්න දන්න එකම සොල්දාදුවා. මෙයාට ඕනෙ අනිත් ප්‍රංශ සොල්දාදුවො වගේම සමානාත්මතාවය. මෙයාට අයුක්තිය අසාධාරණය පෙන්නන්නම බෑ. කොයි වෙලාවෙත් පොතක් අතේ තියන් පාඩම් කරන මෙයාගෙ හීනෙ කවදා හරි පලවෙනි පංතියේ සාජන්ට් කෙනෙක් වෙන එක.ස්නයිපර් සෙබල මසාඋද් සූනි – “පරාජිතයා” කියලා පපුවෙ පච්චයක් කොටන් ඉන්න මෙයාට අතර මගදි හම්බ උන ලස්සන ප්‍රංශ කෙල්ලෙක්ගෙ ආදරේ නිසා පිස්සු වැටිලයි ඉන්නෙ. මෙයාට තියෙන එකම හීනෙ ඒ කෙල්ලව කසාද බැදලා දරු මල්ලො හදාගෙන ප්‍රංශෙම කොනක පුංචි පැලක් අටවන් පදිංචි වෙන්න.ඔට්මානී සයීඩ් – පවුලේ දුප්පත්කම නිසාම හමුදාවට බැදුන මෙයා අහිංසකයෙක්. ඇගෙන් නැති උනාට හිතෙන් තවම පොඩි එකෙක් වගේ තමයි හැසිරෙන්නෙ. කොච්චර අහිංසකද කියනවා නං මෙයාට අනිත් අය කතා කරන්නෙ “ගෑනු කොල්ලා” කියලයි. මෙයාගෙ මේ අහිංසක කම් වලින් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම මෙයා කවදාවත්ම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නෑ. මෙයාට ඕනෙ කොහොම හරි කෙල්ලෙක්ව යාලු කර ගන්නමයි.යසීර් සහ ලාර්බි සහෝදරයෝ – මොරොක්කෝවෙන් ඇවිත් ප්‍රංශ හමුදාවට බැදුන මේ අයිය මලෝ දෙන්නගෙන් යසීර්ට එහෙමත් නැත්තන් අයියට ඕනෙ කොහොම හරි සල්ලි ටිකක් හොයන් ගමට ගිහිල්ල කසාදයක් බැද ගන්න එක.ලාර්බි මල්ලි තමයි අයියගෙ මේ මගෝඩි වැඩ වලට සපෝට් එක දෙන කෙනා. මේ දෙන්නගෙ වැඩේ සල්ලි හොයාගෙන හොරකමේ යන එකමයි. කොටින්ම කිව්වොත් මැරුන ජර්මන් කාරයෙක්ටවත් යහතින් ඉන්න නොදී සුද්දයක් දෙන එක තමා මේ දෙන්නගෙ රාජකාරිය.මාණ්ඩලික සැරයන් රොජර් මාර්ටිනස් – මෙයා තමයි මේ හැමෝගෙම ලොකුම ලොක්කා. මෙයා පිටින් බොහොම සැර පරුෂ කෙනෙක් කියල පෙන්නගෙන හිටියට එයාගෙ අම්මට හුගක් ආදරේ කෙනෙක්. මෙයා හැම වෙලාවෙම එයාගෙ අම්මගෙ ෆොටෝ එකක් සාක්කුවෙ දාගෙන තමයි ඉන්නෙ. ඒත් මෙයා එයාගෙ අම්මා අරාබි ජාතික ස්වදේශීය කාන්තාවක් කියන එක ලෝකෙට කියන්න ලැජ්ජයි. මෙයා කොච්චරවත් කටින් ගේම ගහ ගෙන තමයි ජාමෙ බේර ගන්නෙ.
මේ ෆිල්ම් එකේ කියැවෙන හැම වචනයක් පාසාම හැම රූපරාමුවක් පාසාම ප්‍රේක්ෂකයයා දකින අර්ථයට වඩා එහා ගිය වෙනම අර්ථයක් හංගලා තියන්න අධ්‍යක්ෂවරයා පුදුමාකාර විදියට සමත් වෙලා තියෙනවා. කාලෙකින් ඔබේ හද පතුලටම කතා කරන ෆිල්ම් එකක් බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක…….. තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න.



