EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

පෞරාණික යක්ෂණියන් තිදෙනෙකුගේ ආගමනය

අද උණු උණුවේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ….

( NOTICE‼️
මේ කතාව Death Whisperer කතාමාලාවෙ තුන්වන දිග හැරුම මේ කතාව අනිත් කතා දෙකටම සම්බන්ද නිසා මන් ආරාධනා කරනවා පළවෙනි වගේම දෙවෙනි කොටස් දෙක බලලා තුන්වෙනි කොටස බලන්න කියලා…)

එහෙනම් මේ කතාව ගලාගෙන යන්නේ කලින් කතාවේ පවුලත් එක්කයි…මේ පවුලේ ඉන්න පොඩිම සාමාජිකාව ඒ කියන්නේ නංගි වෙනදා වගේම පාසලට යනවා.. ඒ යන නංගීට ආයෙත් අපි ජීවත් වෙන සාමාන්‍ය ලෝකට එන්න බැරි වෙනවා…

මේ එක්කම තමයි මේ කාරණයට හේතු වෙන අමුනුෂ්‍ය ආත්ම දෙකක් මේ පවුලේ අයට කරදර කරනවා…

ඒත් මේ යක්ෂ ආත්මයන්ට අමතක වෙලා තියෙන දේ තමයි මේ පවුලට අත තියෙන එක එච්චර හොඳ නැති දෙයක් කියලා. මොකද කලින් එහෙම අත තියලා අපායට යන්න වුණා කෙනෙක්ට පිට්සමෙන් බුලට් එකක් ඔලුවෙ බස්සගෙන…

හොදයි එහෙනම් මේ කතාව IMDb : ⭐ 5.1/10 අරගන්න සමත් වෙලා තියෙනවා ඒ වගේම තමයි මේ කතාවත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ
Thanadet pradit & Narit yuva boon වගේම මේ කතාව රචනා කරලා තියෙන්නේ
Sorarat jirabovornwisut
මේ කතාවත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා…ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න…

Comments