CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2580 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 22, 2023India121 Min.
Your rating: 0
9.6 5 votes
Demon (2023) | “යක්ෂයා”

Demon' Tamil movie review - The South First

මේක රචනා කරලා අධ්‍යක්ෂණය කරන්නේ නවක අධ්‍යක්ෂකවරයෙක් වෙන Ramesh Pazhaniivel විසින්..ඒ වගේම R. Somasundaram තමයි මේ චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වෙන්නේ..මේක අයිති වෙන්නේ Horror/Thriller කියන කාණ්ඩ වලට..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි IMDb දර්ශකයේ 8.8/10 ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබිලා තියනවා..ප්‍රධාන චරිත ගැන කතා කරොත් මේකේ කතා නායකයා වෙන විග්නේෂ්ගේ චරිතයට පණ පොවන්නේ Sachin Mani විසින්..ඒ වගේම ප්‍රධාන නිළිය විදියට රංඟනයෙන් එකතු වෙන්නේ Abarnathy තමයි..ඊට අමතරව Sachin Pilgaonkar, Suruthi Periyasamy, Ashvin Raja වගේ නලු නිලි පිරිසක් මේකට එකතු වෙලා තියනවා..ඇත්තටම කිව්වොත් ඔයාලට මේ කාස්ට් එක දිහා බලද්දි හුරු පුරුදු නම් මුකුත් දැකගන්න නොලැබුණාට අලුත් අධ්‍යක්ෂකවරයෙක් තමන්ගේ පළවෙනි චිත්‍රපටිය ⁣විදියට තව නවකයෝ රැසකුත් එකතු ක⁣රගෙන මේ කරපු වැඩේ මොන තරම් දුරට සාර්ථක වෙලා තියනවද කියලා ඔයාලට ෆිල්ම් එකම බැලුවම තේරුම් යයි..

Demon (2023) - ALL HORROR

ප්‍රධාන නලු Sachin Mani සහ ප්‍රධාන නිළි Abarnathy

දැන් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මුලින්ම කියන්න ඕන මේක ගොඩක් දුරට ඔයාලා දමිළ සිනමාව ඇතුලේ දැකලා තියන කොමඩි එක්ක හොරර් මිශ්‍ර වුණු හොරර් චිත්‍රපටයක්නම් නෙවෙයි..⁣.Horror/Thriller පැත්තට ලොකු නැඹුරුවක් දීලා තියන ෆිල්ම් එකක්..ඒ වගේම මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීම් වල අභාෂයන් අරගෙන..ඔයාලගෙන් ගොඩ දෙනෙක් අහලා ඇති Burari Deaths ගැන..Burari Deaths කියන්නේ 2018 අවුරුද්දේ දිල්ලි වලට බුරාරි කියන ප්‍රදේශේ එකම පවුලේ 11 දෙනෙක් එකම විදියට එල්ලි මැරුණ ඛේදවාචකයක්..ඒකට හේතුවනම් ඉතින් අන්ධ භක්තිය තමයි..ඔයාලට මේ ගැන ගොඩක් විස්තර දැනගන්න ඕනනම් මේ ඇසුරෙන් නිර්මාණය වුණු House of Secrets: The Burari Deaths කියලා එපි තුනක වාර්ථාමය වැඩසටහනක් තියනවා..ඒක නරඹන්න..ඒකටත් සිංහල උපසිරැසි අපේ වෙබ් අඩවියේ ති⁣යනවා..මම ඒ සිද්ධිය ගැන කියන්න හේතුවුණේ සත්‍ය සිදුවීම් පාදක කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියන නිසා ඒ සිද්ධියත් ඔයාලට මේකෙදි දැකගන්න පුලුවන් වෙන නිසා..

Burari deaths: Delhi Police closure report mentions no foul play | Delhi News - Times of India

Burari deaths case එකට අදාළ සැබෑ පවුල

හරි අපි ආපහු කතාවට යමු..

මේකේ ප්‍රධාන කතා නායකයා වෙන්නේ විග්නේෂ්..විග්නේෂ් කියන්නේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නව පරපුරේ අධ්‍යක්ෂකවරයෙක්..ඉතින් එයාට තමන්ගේ පළවෙනි චිත්‍රපටය කරන්න අවස්ථාවක් ලැබෙනවා..එයා මේකට තෝරගන්නේ Horror චිත්‍රපටයක්..ඉතින් මේ වැඩේට කාලය යොදවන්න ඕන නිසා තමන් හිටපු හොස්ටල් එකෙන් අයින් වෙලා විග්නේෂ් තනියම ඉන්න ගෙදරක් හොයගෙ යනවා..ඉතින් මෙයාට හම්බවෙනවා එක ෆ්ලැට් එකක්..ඉතින් විශ්නේෂ් තමන්ට නවතින් ඒ තැන අරගන්නවා..ඉතින් ඔහොම ඉද්දි විග්නේෂ්ට එක එක නරක හීන පේන්න ගන්නවා..ඒ සේරම හීන පේන්නේ මේ ගෙදරට සම්බන්ධව..ඉතින් මේ නිසාම මෙයා ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්නත් යනවා..ඒත් ඩොක්ටර් කියන්නේ විග්නේෂ්ට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා..ඒ මොනවා වුණත් මෙයාට මේ හීන පේන එකනම් නවතින්නෙම නෑ…තමන් එල්ලිලා මැරෙනවා පේනවා..කණ්ණාඩිය ඉස්සරහට ගියාම තමන් වයසක මිනිහෙක් වෙලා පේනවා..එක එක විකාර විග්නේෂ්ට පේන්න ගන්නවා..ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ..

  • ඇත්තටම මොනවද විග්නේෂ්ට මේ පේන හීන?
  • මේ ගෙදරයි ඒ සිද්ධි අතරයි සම්බන්ධයක් තියනවද?
  • විග්නේෂ්ගේ ජීවිතේට ඉස්සරහට මොකද වෙන්නේ.?

මේ හැමදේකටම උත්තර හොයන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…

Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk)
IMDb 8.6 /10 126 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Outbreak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Inheritance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thriller (2020) Sinhala Subtitles
රෙසිඩන්ට් එවිල්  : Welcome to Raccoon City (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Carry-On (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hatchet (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhoot (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Higuita (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Die Influencers Die (2020) With Sinhala Subtitles
Zombivli (2022) Sinhala Subtitles
Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published