EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Devarakondalo Vijay Premakatha (2021) Sinhala Subtitles
Subtitle By: UD Shehan ” (Baiscopelk)
Country: India
Devarakondalo Vijay Premakatha (2021) | අන්ත අසරණ වෙන ජෝඩුවකගේ කදුළු කතාව
ආයුබෝවන්, මගේ මේ උපසිරැසි ගමනේ ඉන්දියානු සිනාමා පටයක් අරගෙන ආපු මුල්ම අවස්ථාව තමයි මේ. සාමාන්‍යයෙන් මම හුඟක්ම නරඹන්නේ සහ උපසිරැසි ගන්වන්න කැමති ඉංග්‍රීසි චිත්‍රපට සහ කතා මාලා. ඒත් හොඳ එකක් හම්බවුනොත් ඒක හින්දි, දෙමළ, කොරියන් ද මට අදාල නෑ, මම බලනවා. හැබැයි ඒවා උපසිරැසි ගන්වන්න මෙතුවක් කාලයකට පෙලඹුනේ නෑ. ඒත් මේ අහම්ඹෙන් අහුවෙලා බලපු එක තෙලිඟු චිත්‍රපටියක් නිසා මේවා වල රස මටත් ටිකක් දැනෙන්න ගත්තා. ඉතින් මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන් බලලා ඉවර කරපුවම මේ වගේ ලස්සන සංවේදී චිත්‍රපටියකට උපසිරැසි නොගන්නවා මට ඉන්නම බැරි වුණා. අනික මේ වගේ එකක් ඔයාලට බලන්න මිස් වෙන්න හොඳ නෑ. ජීවිතයට ලොකු ආදර්ශයක් පවා මේක බලලා ඔයාලට අරගන්න පුළුවන්.
දේවකී, ගමක ජීවත් වෙන පෝසත් පවුලක රත්තරන් වගේ හැදුණ ලස්සනම ලස්සන කෙල්ලෙක්. මෙයාගේ තාත්තා ගමේ නායකයා වගේ කෙනෙක්, ඒ කියන්නේ ධනවත්, බලවත්, වංශවත් අසරණයින්ට පිහිට වෙන කෙනෙක්. මේ පවුලට ගමේ කවුරුත් ආදරෙයි වගේම වන්දනාමාන පවා කරනවා.
මේ ගමේම විජේ කියලා ත්‍රීවිල් එකක් එළවන ලස්සන දුප්පත් කොල්ලෙකුත් ඉන්නවා. මේ විජේයි දේවකියි දෙන්නා පොඩි කාලේ ඉඳන් ආදරයක පැටලිලා ඉන්නේ. මේ ආදර කතාව දිග හැරෙන්නේ කරදර බාධක රැසක් මැදයි. පවුල් බැඳීම්, සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය යන මේ හැමදේම මේ දෙන්නගේ සම්බන්ධතාවයට බලපෑම් එල්ල කරනවා. මේ තරුණ ජෝඩුවට මුහුණ දෙන්නට වෙන අභියෝග රැසක්ම එනවා.
මෙයාලා මේවා ජය ගන්නේ කොහොමද ? කෙල්ලගේ අම්මා තාත්තා මේ සම්බන්ධය දිහා කොහොම බලයිද ? ගමේ මිනිස්සු කොහොම කටයුතු කරයිද ? මේ ආදර කතාවේ අවසානය සතුටුදායක එකක් වෙයිද ? නැත්තම් කඳුළු සලන එකක් වෙයිද ?
මෙම චිත්‍රපටය නරඹන ඔබට මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකි වනු ඇත. ආදරය, පවුල, සමාජය යන සංකල්ප අතර ඇති ගැටුම් ගැඹුරින් විමසන මෙම කතාව ඔබේ හදවතට කතා කරනු ඇත. ජීවිතයේ අඳුරු පැති මෙන්ම ආලෝකමත් මොහොතද මවා පෑමට සමත් මෙම චිත්‍රපටය, ඔබේ දෑස් නිසැකවම කඳුළින් තෙත් කරනු ඇත.
ආදරය නම් වූ හැඟීම කෙතරම් බලවත්ද ? එය සියලු බාධක ජය ගැනීමට සමත්ද ? නැතහොත් සමාජයේ යථාර්ථයන් හමුවේ පරාජය විය යුතුද ? මේ සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු සොයන ගමනක් වන මෙම චිත්‍රපටය, ඔබේ හදවතේ රැඳී පවතිනු ඇත.


