EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDinosaurs (2023) | පියාගේ මිනීමරුවා අත ලග
Dinosaurs 2023 ජූලි 28 වෙනිද නිකුත් වුන දමිල ක්‍රියාදාම චිත්‍රපටියක්..ඒ වගේම මේක මගෙ පලවෙනි උපසිරසිය. අධ්‍යක්ෂණය හා තිර රචනය M.R.Madhavan. රංගනයෙන් Udhay Karthik, Rishi Rithvik, Saipriya Deva වගේම Maara දායක වෙනව. Galaxy picture යටතේ Srinivas Sambandamගෙ නිෂ්පාදනයක්. IMDb 8.4 අගයක් ලබාගෙන තියෙනව.
කතාව ගැන සදහන් කලොත් ස්ලේයර් කියල පැත්තම හොල්ලගෙන මැරයෙක් ඉන්නව එයා කරන වැරදි වලට හිරේ යන්නෙ වෙන අය. ඉතිං ඒ ගමෙම ඉන්නව කටකාර කොල්ලෙක් මන්නු කියල එයාගෙ අයිය තමයි ධනා කියන්නෙ. ධනාගෙ යාලුව දුරෙයි ස්ලේයර් ලග වැඩ කරන්නෙ ඒත් කාලෙකට කලින් කරපු දේකට දුරෙයිට හිරේ යන්න වෙනව එත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ ධනා. දුරෙයි හිරේ නොගිය තරහට ස්ලේයර් දුරෙයිව ප්ලෑන් එකක් ගහල මරවනව ඒත් එක්කම පාඩුවෙ හිටපු මන්නු ස්ලේයර් එක්ක ගේම ඉල්ලනව ඒත් එක්කම මන්නුටත් ගොඩක් ප්‍රශ්න එනව අවසානයේ ස්ලේයර්ව මන්නු තනියම මට්ටු කරනව..
ඔක්කොම ඉවර වුනාට පස්සෙ දැනගන්නෙ ස්ලේයර් තමයි මන්නුගෙ තාත්ත මරල තියෙන්නෙ කියල.. ෆිල්ම් එක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ඒ වගේම නම ගිය නලුවො නැතිවුනාට තාත්වික රංගනයක් ෆිල්ම් එක පුරාම දැන්ගන්න පුළුවන්.








