EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Dominic and the Ladies’ Purse (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Gautham Vasudev Menon, Preethi Srivijayan
Cast
Go Full Cast Pageපර්ස් එකේ කේස් එක
අන්තර්ජාලයට නිකුත් උන තවත් ලස්සන මලයාලි mystery comedy thriller ශානරයේ චිත්‍රපටයක්අද ගෙන එනවා. මලයාලි සිනමාවේ අග රජුන් දෙදෙනා අතරින් මේ අවුරුද්දෙ ඉදිරියෙන් හිටියෙ මෝහන් ලාල්. 2024 වසර ගත්තොත් මම්මුටි. මේ වස්ර තුල එතරම් සාර්ථක්ත්වයක් මමුටිට තිබුනෙ නැතත් ඔහුගේ පවුලේ නිශ්පාදන සමාගමක් වන Wayfarer Films මගින් මම්මුටි නිශ්පාදනය කරන ලද සුවිශේෂ චිත්‍රපටයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. මේකට හේතු උනේ මම්මුටි එක්ක අධ්‍යක්ශනයෙන් මේකට සම්බන්ධ උනේ ප්‍රසිද්ධ දමිළ චිත්‍රපට අධ්‍යක්ශකයෙක් සහ නළුවෙක් වන Gautham Vasudev Menon වීමයි. ඇත්තටම මෙනන් කියන්නෙ මිශ්‍ර මලයාලියෙක් උනත් මේ තමයි ඔහුගෙ පළවෙනි මලයාලි අධ්‍යක්ශණය. ලොකු ලොකු බලාපොරොත්තු තැබුවත් ඒ කාල රාමුවෙ නිකුත් උන ප්‍රබල මලයාලි චිත්‍රපට සමග තරඟ කරන්නට නම් හැකි උනේ නැතත් සැලකිය යුතු ප්‍රතිචාර ලබා ගන්න මෙයට හැකි උනා. ඉතින් ජනවාරි මාසෙ තියටර් එකට ආපු මේ චිත්‍රපටය පරක්කු වෙලා හරි අපට අන්තර්ජාලයෙන් දැක ගන්න ලැබෙනවා.
මේක ලස්සන රහස් පරික්ෂක කතාවක්. අන්තිම මොහොත වෙන කල් කුතුහලය අවුස්සලා හිතා ගන්න බැරි ට්විස්ට් එකකින් කතාව ඉවර වෙනවා. පොලිස් සේවයෙන් නෙරපන ලද පොලිස් නිලධාරියෙක් තමන්ගේම කියලා පෞද්ගලික රහස් පරීක්ෂක ආයතනයක් පවත්වා ගෙන යනවා.කොහොමත් මිනිහා ටිකක් අමාරුවෙන් තමයි මේක ගෙනියන්නෙ. සහයට ඔන්න සහායකයෙකුත් ගන්නවා තරුණ කොල්ලෙක්. ඔන්න පොඩි කේස් එකක් හම්බ වෙනවා. ඒ තමයි අහම්බෙන් හම්බ උන කාන්තා පර්ස් එකක අයිති කාරයා හොයා ගන්න එක. මේ වගේ කේස් බාර ගන්නෙ නැතත් බාර ගන්න කේස් නැති නිසාත් කුලිය හිඟ ගෙවල් අයිතිකාරිගෙ ඉල්ලීමක් නිසා අහක දාන්න බරි නිසා මේක බාර ගන්නවා. ඉතිං පර්ස් එකේ කේස් එක මෙයාලව කොච්චර දුර ඇද ගෙන යයිද?
ටිකක් දිග උනාට කම්මැලි කමක් නෑ, මම්මුටි ලොක්ක ඉන්න නිසා. ගෝකුල් සුරේශ් අනිත් ප්‍රධාන චරිතය රඟපාන අතර සුශ්මිතා භට්, විජි වෙන්කටෙශ්, විනීත්, සිද්දික්, ශයින් ටොම් චාකෝ, ලේනා වැනි නළු නිළියන් රාශියක් මෙහි රඟපානවා.











