EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dora and the Search for Sol Dorado (2025) | ගවේශක ඩෝරාගේ දෙවන වික්‍රමාන්විතය

2019 වසරේ නිකුත් වූ Dora and the Lost City of Gold (2019) ඔබට මතක ඇති. ඉතින් ඒ “ඩෝරා” චිත්‍රපට මාලාවෙ දෙවෙනි දිගහැරුම පසුගිය 2025 ජුලි 02 දින නිකුත් වුනා. ඒ Dora and the Search for Sol Dorado පැය 1 විනාඩි 36 ක ධාවන කාලයකින් යුතු Action / Adventure / Comedy / Family / Fantasy වර්ගයේ ළමා / පවුලේ නිර්මාණයක්. හැබැයි මේකෙ කතාවට පළවෙනි චිත්‍රපටය සම්බන්ධයක් නෑ. ඒ නිසා මේක බලන්න මුල් චිත්‍රපටය බලන්නම ඕනෙ නෑ. නලු නිලියොත් වෙනස්. මුල් චිත්‍රපටයේ ඩෝරාගෙ චරිතය නිරූපණය කලේ Isabela Merced විසින්. මේකෙ ඩෝරාගේ චරිතයට පණ පොවන්නෙ Samantha Lorraine. ඇය සමග රංගනයට එකතුවෙනවා Jacob Rodriguez (ඩියාගෝ), Mariana Garzón Toro (නායා), Acston Luca Porto (සනී) සහ Daniella Pineda (කැමිලා).
ඈත අතීතයේ අහසින් වැටුනු “රන් හිරු” නැත්නම් “සොල් ඩොරාඩෝ” ලෙස හැඳින්වෙන යම් වස්තුවකට කෙනෙකුගේ එක් පැතුමක් ඉෂ්ට කරන්නට හැකි බව පුරාවෘත්තයක සඳහන් වෙනවා. ඇමේසන් වනාන්තරයේ සැඟවී ඇති එම සොල් ඩොරාඩෝ සහ එය සොයාගැනීමට ආධාර වන පුරාණ ඉන්කා අධිරාජ්‍යයෙකුගේ මායා බල ඇති බ්‍රේස්ලට් එකක් සොයාගෙන යන ත්‍රාසජනක ගමනක් ගැනයි මේකෙ කතාව. නිධන් හොරුත් මේ පසුපස ඒමත් එක්ක කතාව තව ටිකක් දරුණු වෙනවා. කොහොමත් ඕනෑම වයසක දරුවෙකුට පවා නැරඹිය හැකි ලස්සනම ලස්සන පවුලේ චිත්‍රපටයක්.

Comments

July 28, 2025

thank you cinesubz