EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageDune: Part Two (2024) | නිරුදක කතරින් පාරාදීසය වෙත රැගෙන යන ගැලවුම්කරුවා?
ඉතිං කොහොමහරි මෙහි මුල්ම සිනමපටයෙන් පසුව ඔහු අවුරුදු තුනක්ම අරගෙන එහි දෙවැන්න නිකුත් කරනවා. ඒ නිකුත් කිරීම සිනමා ලෝකය දෙදරුම් කැවීමට සමත් වෙනවා. මේ සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයා ඒ වෙත කෙතරම් ඇළුම් කරනවාද යන්න ඔප්පු වෙන්නේ imdb වෙබ් අඩවිය විසින් පවත්වාගෙන යන ලොව හොඳම සිනමාපට 250 ලයිස්තුවේ #15 වැනි ස්ථානය Dune දෙවැනි සිනමාපටය වෙනුවෙන් වෙන් වීමෙන්. මේ ඒ ලයිස්තුවේ මේ තරම් ඉහල රෑන්ක් එකකට එන්න අවසාන වතාවට සමත්කම් පෑවේ ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ Inception (2010) සිනමාපටය. ඒ එම ලැයිස්තුවේ #14වැනි ස්ථානය දිනාගනිමින්.
මේ සිනමාපටය මේ තරම් විශිෂ්ඨතත්වයට පත්වෙන්න තවත් එක හේතුවක් ප්‍රධාන වශයෙන් බලපෑම් කළා කියල මම විශ්වාස කරනවා. ඒ තමයි වත්මන් ලෝක සිනමාවේ පසුබිම් සංගීත නිර්මාණකරුවන් අතර විශිෂ්ඨයෙකු වෙන හාන්ස් සිමර් තමයි මේ සිනමාපටයේ සංගීතය නිර්මාණය කරන්නෙ. මම දන්නේ නැහැ ලැප් එකකින් හෝ රුපවහිනියකින් මේක නරඹනකොට ඔයාට මේ දේවල් කොහොම දැනේවිද කියලා, හැබැයි මම මේ සිනමාපටය සිනමා ශාලාවකින් නරඹන වෙලාවේ, ඔහුගේ සංගීතය මාව වෙනම තලයකට අරගෙන ගියා කියල කතා දෙකක් නැතුව කියන්න පුළුවන්. ඔන්න ඔය කාරණේ නිසාමයි මේ වගේ සිනමාපට නරඹන්න අපි සිනමාශාලාවන් වෙතම යා යුතු වන්නේ! හැබැයි ඉතිං අපේ රටේ ආර්ථික තත්වයත් එක්ක ඒ දේවල් විඳින්න තරම් හැකියාවක් අපි කාටවත් නැහැ මම හිතන්නෙ. මම උනත් මේ වගේ තෝරා බේරාගත් සිනමාපටයක් බලන්න යනවා ඇරෙන්න හැම එකම බලන්න යන්නේ නැහැ. ඒවා ඉතිං දුක්ඛිත කතන්දර… 🙁
ඒ වගේම මෙහි රංගනයේ යෙදෙන නළු-නිළි කැලත් හරිම අපුරුවට තමන්ගේ කාර්‍යයන් 100%ක් ඉටුකරනවා. එහෙම නොවෙන්න ලෝක සිනමාවේ මේ වගේ විශිෂ්ඨ සිනමා කෘතියක් බිහිවෙන්නේ නැහැනේ නේද? ඒ අතරින් ප්‍රධාන වශයෙන් Timothée Chalamet සහ Zendaya දෙදෙනාත්, ඊට අමතරව Rebecca Ferguson, Javier Bardem, Josh Brolin, Florence Pugh, Dave Bautista ඒ වගේම විශේෂයෙන්ම දෙවැනි සිනමාපටයේ සුපිරිම දුෂ්ඨ චරිතයක් සිදුකරන Austin Butler කියන සුවිශේෂී තරුණ නළුවව අපට අමතක කරන්නම බැහැ. විචාරක අගයන්, ප්‍රේක්ෂක අගයන් විතරක් නෙමෙයි මේ සිනමාපටය 2024 මාර්තු පළමුවැනිදා සහ 2024 අප්‍රේල් 07 වැනිදා අතර කාලය අතරතුර සිනමාශාලාවන්හි ප්‍රදර්ශනය කරමින් ලබාගත් ආදායම ඩොලර්ක් මිලියන 650කට ආසන්න වෙනවා. මේ සිනමාපටය ගැටුනේ ඉතාම ප්‍රසිද්ධ සිනමාපට ද්විත්වයක් වෙන Kung Fu Panda 4 සහ Godzilla x Kong: The New Empire යන සිනමාපට ද්විත්වයත් එක්ක.
පඳුර වටේ තැලුවා ඔය මදැයි නේද? ෆිල්ම් එකේ ස්ටොරිය වෙත යොමු වෙමු අපි එහෙනම්. ඔයාලට මේ සිනමාපටයේ සිදුවෙන සිදුවීම් හරියටම තේරුම් ගන්න ඕන නම්, මෙහි මුල් සිනමාපටය අනිවාර්යෙන්ම නරඹන්න වෙනවා.
මුල් සිනමාපටයේදී අපිට දකින්න ලැබෙනව හදිසියේම අධිරාජ්‍යාගේ කීම අහලා අරාකීස් නමැති ග්‍රහලෝකයෙන් පිටවෙලා යන හාකොනෙන්වරුන්ව. හාකොනෙන්වරුන් ඉන් පිටවෙලා ගියාට පසුව අධිරාජ්‍යයා විසින් අරාකීස් ග්‍රහලෝකයේ භාරකාරීත්වය පවරන්නේ ඒ කාලය වෙනකොට ප්‍රභල වංශයක ප්‍රධානියා බවට පත්ව සිටි ඩියුක් ලේටෝ ඇට්‍රෙඩිස් වෙත. කැලඩන් නමැති ග්‍රහලෝකය පාලනය කලේ එම වංශය විසින්. අහ්හ් මේ කියන අධිරාජ්‍යයා තමයි මේ විශ්වයේ ඉහළතම පාලකයා වෙන්නෙ.
ඔහු යටතේ තමයි කැලඩන් සහ අරාකීස් වැනි ග්‍රහලෝක පවතින්නේ. මේ අතරින් විශ්වයේ වැදගත්ම සහ වටිනාම ග්‍රහලෝකය බවට පත්වෙලා තියෙන්නේ අරාකීස් ග්‍රහලෝකය. ඒකට හේතුව තමයි අන්තර් ග්‍රහලෝක සහ අනෙකුත් අභ්‍යවකාශ ගමනාගමනයන් සඳහා මොවුන් යොදාගන්න ඉන්ධනය වෙන ස්පයිස් නමැති මුලද්‍රව්‍යය පවතින එකම ග්‍රහලෝකය තමයි මේ අරාකීස් කියන්නෙ. ඉතිං හදිසියේම අධිරාජ්‍යයාගේ සුරතලා බවට පත්වෙලා හිටිය බැරොන් හාකොනෙන් හට ඉන් පිටවෙලා යන්න කියන්න හේතුවක් ඇතිනේ මොකක් හරි. අන්න ඒ හේතුව අපිට පලවෙනි සිනමපටයේදී දකින්න ලැබෙනවා. ඉන් පසුව සිදුවන සිදුවීම් දාමයේ ඉතුරු කොටස් ටික තමයි මේ සිනමාපටයේදී ඔයාලට දකින්න ලැබෙන්නෙ…
- Dune Part 01 (2021)
- Dune Part Two (2024)











