CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Echo Valley (2025) | තනි වූ මවකගේ ජීවන අරගලය

 

න්න ඉතාමත් ඉක්මනින් ළඟ ළඟ චිත්‍රපට දෙකකට උපසිරැසි අරගෙනයි මේ එන්නෙ. 2025 ජූනි 6 වනදා Apple Tv ඔස්සෙ විකාශය වුනු Thriller/Drama ශානරයට අයත් චිත්‍රපටයක් තමයි මෙදාපාර මං ඔයාලට අරගෙන ආවේ. ඉතිං හුඟක් අය දන්නවා ඇති මේකෙ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන්නෙ කවුද කියලා. ඔව් ඒ තමයි Sydney Sweeney. මං මේ චිත්‍රපටයට උපසිරැසි ගන්වන්න වෙන් කරවා ගන්නත් ඒකම ප්‍රධාන හේතුවක්. ඒ ගැනත් මං පොඩි වගේ සඳහන් කරන්නම්. සහ ඒ වගේම මේ චිත්‍රපටය වෙන් කරවා දුන්නු රවිඳු හේෂාන් සහෝදරයවත් අනිවාරෙන්ම මතක් කළ යුතුමයි.

Sydney කිව්වම නොදන්න කෙනෙක් ඉන්නවා ඇති කියලා නං මම හිතන්නෑ. මොකද මෑතකදී ඉතාමත් ඉක්මනින් ජනතාවගෙ ආදර දිනාගනිමින් ඉදිරියට ආපු රංගන ශිල්පිනියක් ඇය. ඒ වගේම දින කීපයකට ඉහතදී ටිකක් අමුතු ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියකුත් මවන්නට ඇය සමත් වුනා මතක ඇතිනේ. මං ඒ ගැන මෙතනදි සඳහන් කරන්න යන්නෑ. ඉතිං බොහොම ඉක්මනින් ප්‍රේක්ෂකයාගෙ ආදරය වැළඳගත් සිඩ්නි’ රංගනයෙන් දායක වූ සෑම චිත්‍රපටයකම සහ කතාමාලාවක වගේ ගැබ් වුනේ නිරුවතින් හෝ අඩ-නිරුවත් වන චරිත වලට පණ පෙවීමයි. ඒ චිත්‍රපට හෝ කතාමාලවන් බලලා තියෙනවා නං ඔයාලත් අනිවාරෙන්ම ඒ ගැන දැනුවත්. ඇය වේගයෙන් ජනප්‍රිය වන්නට හේතුව වන්නත් ඇත්තෙ ඒකම වෙන්න පුළුවන්. මම නරඹපු චිත්‍රපට තුළින් සිඩ්නිට තිබුනෙ එකම වගෙ චරිතයක් රඟ දක්වන්න. අන්න එතනදි තමා මං මේ චිත්‍රපටය මට ටිකක් වෙනස්ම ආකාරයකින් දැක්කෙ. මොකද කලින් රඟ පෑ චරිතයන්ට හාත්පසින්ම වෙනස් චරිතයකට තමා ඇය මෙහෙදි රංගයෙන් දායක වෙන්නෙ. ඒ නිසා ඔයාලත් සිඩ්නිගෙ රසිකයෙක් වේවා හෝ නැතා ත්‍රිලර් ගණයට අයත් චිත්‍රපට රසිකයෙක් නං අනිවාරෙන්ම බලන්න කියල මතක් කරනවා.

මේ චිත්‍රපටයට IMDb අගය 6.3 ක් සහ Rotten Tomatoes අගය 52% ක අගයක් ලබාගෙන තිබෙනවා. ඉතිං මේකෙදි ඔයාලට නළු-නිලි කැළ වශයෙන්, Sydney Sweeney, Juilanne Moore, Domhnall Gleeson, Fiona Shaw බලාගන්න ලැබෙනවා.

Comments