EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Edge of the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageEdge of the World (2021) | කැප්ටන් ජේම්ස්.
2021 ජූනි 21 තිරගත වීම ආරම්භ කල මේ ෆිලුම දිග හැරෙන්නෙ ජේම්ස් බෘක් නම් එංගලන්ත භූගෝල විද්යාඥයා 1840 දී නව දේශයන් සොයා යාමේදී ඔහුට මුහුණ දීමට සිදුවුණු සත්‍ය සිදුවීම්
පාදක කරගෙනයි. 1840 දී එංගලන්තය ලෝකයේ බොහෝ රටවල් යටත් විජිත ලෙස යටත් කරගෙන සිටියත් එකල සරවක් ලෙස හැඳින්වූ (දැන් මලයාසියාව) රාජ්‍යය යටත් කරගැනීමට ඔවුන්ට හැකි උනේ නෑ. ජේම්ස් සරවක් වලට යන්නෙ එහෙ ඇති වනාන්තර ආදිය අධ්‍යනය කරල එංගලන්තෙ තියන භූගෝල සංගමයට වාර්තා කරන්න. ඒත් එහෙම හිතාගෙන ගොඩ බැස්සට ජේම්ස්ටයි එයාගෙ සගයන්ටයි මුහුණ දෙන්න වෙන්නෙ හීනෙන් වත් හිතපු නැති දේවල් වලට. ඒව මොනවද කියල මම කිව්වොත් වැඩක් නෑනෙ. ඒ නිසා ඔයාල ෆිල්ම් එක බලලම ඒ ගැන දැනගන්න.
මේක අයත් වෙන්නේ Drama/Adventure ගණයට. ඒ නිසා වැඩිය Action නම් බලාපොරොත්තු වෙන්න එපා. මුල හරිය පොඩ්ඩක් කම්මැලි වගේ දැනෙයි. ඒත් මැද හරිය වෙද්දි කුතුහලය, ත්‍රාසය, මේ ඔක්කොම ඔයාලට බලාගන්න පුළුවන්. සත්‍ය කතා බලන අයට නම් මේක හොඳටම ගැළපෙන ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන්. රංගනයෙන් දායක වෙන අය කිව්වොත්, Jonathan Rhys Meyers, Dominic Monaghan, Atiqah Hasiholan Alhady යන අය එකතු වෙනවා. IMDB අගය 5.2/10ක් වගේම කුණු තක්කාලි මට්ටම 59% ක් තියාගන්නත් පුළුවන් වෙලා තියනවා.











