EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page“Ek Deewane Ki Deewaniyat” කියන්නේ 2025 දීවාලි සමයේ තිරගත වුණු අලුත්ම හින්දි රොමෑන්ටික් ඩ්‍රාමා චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මිලාප් සවේරි. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මේ දවස්වල ජනප්‍රිය නළු හර්ෂ්වර්ධන් රානේ සහ සුරූපී නිළි සෝනම් බජ්වා. චිත්‍රපටයේ නමේ තේරුම “එක් උන්මත්තකයෙකුගේ උමතුව” හෝ “ආදරවන්තයෙකුගේ උමතුව” වගේ දෙයක්.
කතාව මොකක්ද?
වික්‍රමාධිත්‍ය බෝන්ස්ලේ කියන්නේ බලය කියන දේ තම අතේ තියාගෙන දේශපාලන ගමනක් යන තරුණ දේශපාලඥයෙක්. මොහුගේ තියරියක් තියෙනවා, මොහුට දෙයක් ඕන වුනොත් ඒ දේ අනිවාර්‍යෙන්ම ඕනමයි, ඒක ලබා ගන්න බැරි නම් ඒ දේ පුච්චලම දානවා. ඉතිං ඔහොම යනකොට තමයි වික්‍රම්ට අදා රන්ධාවා කියන මුළු රටේම උන්මාදයක් ඇති කරලා තියෙන නිළිය හම්බවෙන්නේ. මැයගෙ රසිකයින් මුළු රට පුරාම ඉන්නවා.
“පලමු දැක්මෙන්ම ඇති වෙන ආදරයක්” වික්‍රම්ට මැය කෙරෙහි ඇති වෙනවා. නමුත් ඇය වික්‍රම්ව එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා. මුරණ්ඩු කාරයෙක් වෙන වික්‍රම් ඇයව ලබා ගන්න නොයෙකුත් දේවල් කරන්න පෙළවබෙනවා. කොච්චර පෙළඹෙනවද කියනවා නම්, අදා රන්ධාවා වික්‍රම්ට වෛර කරන්න පටන් ගන්නවා.
කොහොම හරි මේ හිතුවක්කාර වික්‍රම්ට ඇයව ලබා ගන්න හැකි වෙයිද?
චිත්‍රපටයේ ගීත
කොහොම හෛ ෆිල්ම් එකේ සිංදු ටික නම් පිස්සුවක්! සංගීත අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක්ම එකතු වෙලා තමයි මේකේ සින්දු හදලා තියෙන්නේ. ඒ අතරේ අරිජිත් සින්ග්, නේහා කක්කර්, බී ප්‍රාක්, සෝනු නිගම්, ශ්‍රේයා ගෝෂාල් වගේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් රැසක් ගීත ගායනා කරනවා.
විශේෂ දෙයක් තමයි, “Dil Dil Dil” කියන සින්දුව පරණ හින්දි ෆිල්ම් එකක් වුණු “Ghatak” (1996) එකේ තිබුණු “Koi Jaye To Le Aaye” කියන ජනප්‍රිය ගීතයේ අලුත් ვර්ෂන් එකක් වීම.
විචාරක ප්‍රතිචාර
මෙතන තමයි වැදගත්ම දේ. “Ek Deewane Ki Deewaniyat” චිත්‍රපටයට ලැබිලා තියෙන්නේ ගොඩක් මිශ්‍ර ප්‍රතිචාර. සමහරු හොඳයි කියද්දී, ගොඩක් ප්‍රසිද්ධ විචාරකයෝ මේක හොඳටම විවේචනය කරලා තියෙනවා.
කොහොම වුණත්, හර්ෂ්වර්ධන් සහ සෝනම්ගේ රඟපෑමට නම් හැමෝගෙන්ම වගේ පැසසුම් ලැබිලා තියෙනවා.
ඒවගේම හර්ෂ්වර්ධන්ගෙ සිනෙමා ගමනේ වැඩිම ආදායමක් ලබපු ෆිල්ම් එකත් මේක වෙනවා.










