EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageEla Veezha Poonchira (2022) | “කොළ නොවැටෙන පූංචිරා”
සරලවම කිව්වොත් මේක අසා ලිවීමක් , ඉතින් කවුරුවත් 100% ක් සම්පූර්ණ නෑනෙ , ඉතින් මේ උපසිරැසියෙ අඩුපාඩු අනිවාරෙන් තියෙනවා , ඒක ගැන පොඩ්ඩක් කනගාටුයි , හැබැයි දෙබස්වල තේරුම බොහෝ දුරට හරි කියලා වගකීමක් දෙන්න පුලුවන් , දැනට සිංහල සබ් වලින් මලයාලම් ෆිල්ම් බලන අය වගේම ඉන්ග්‍රීසි සබ් වලින් බලපු ගොඩක් අයත් මේකට සබ් හොයනවා දැක්ක නිසයි මේක කරන්න පටන්ගත්තෙ ….
කතාවෙ නම ELA VEEZHA POONCHIRA (2022) , මේ වෙද්දිත් IMDb දර්ශකයෙ 7.2/10 අගයක් මේකට තියෙනවා , චිත්‍රපටිය අයත් වෙන්නෙ CRIME THRILLER කාණ්ඩයට , ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්න මලයාලම් සිනමාවෙ තවත් විශිෂ්ට නලුවෙක් වෙන SOUBIN SHAHIR , කතාවෙ වැඩිය චරිතනම් නෑ…
කතාව දිවයන්නෙ කදු මුදුනක තියෙන රැහැන් රහිත ( වයර්ලස් ) පොලිස් රේඩියෝ සංඥා සම්ප්‍රේශණ මධ්‍යස්ථානයක් වටා , මධූයි සුධීයි කියන්නෙ මෙතන පොලිස් නිලධාරීන් , එක් දිනක් කාන්තාවකගෙ ශරීර කොටස් මේ අවට ප්‍රදේශ රැසක විසිරිලා තියෙනවා කියලා එයාලට රේඩියෝ සංඥා මගින් දැනගන්න ලැබෙනවා..මිනිස්සු අඩු පාලු කදු ප්‍රදේශයක මේ විදිහට කාන්තාවකගෙ ශරීර කොටස් හම්බෙන්නෙ කොහොමද , කවුද මේ කාන්තාව , මේවා දැනගන්නම් මේ “කොල වැටෙන්නැති පූන්චිරාවෙ” අභිරහස ගැන බලන්න වෙනවා..
– මිණීමැරුම් පුවතක් ඇහෙද්දි ඔයා මොකක් දැනගන්නද කැමති –
– මට මිණීමරුවා කවුද කියලා දැනගන්න ඕන –
– ඒත් මට එහෙම නෙවෙයි , මරන්න හේතුව.. , අන්න ඒක දැනගන්න ඕන –
වැඩිය කතාව කියන්නෑ , පැයකුත් විනාඩි 40 ක් පුරා සුන්දර ප්‍රදේශයක අමිහිරි අත්දැකීම් පිරුණු මේ කතාව බලන්න ආරාධනා කරමින් අදට සමුගන්නවා…
- Direct Download 1080p Links
- Direct Download 720p Links
- Direct Download 480p Links
- Telegram Download 480p|720p|1080p Links






