EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Emily the Criminal (2022) Sinhala Subtitles

(Emily the Criminal (2022) Sinhala Sub, Emily the Criminal (2022) Sinhala Subtitle , Emily the Criminal (2022) Sinhala Subtitles)

සුභ දවසක් ඔයාලට. මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 22 වෙනිදා ආපු උණු උණු චිත්‍රපටයක් තමයි අද අපි ඔයාලට අරන් ආවේ. Crime/Thriller ගණයට අයිති මේ චිත්‍රපටයට ගූගල් පරිශීලක දත්ත 88% ක ප්‍රමාණයකුත්, රොටන් ටොමැටෝස් 94%ක අගයකුත්, මෙටා ක්‍රිටික් 75%ක අගයකුත් සහ IMDb 6.8/10 අගයක් මේ වෙද්දි ලැබිලා තියෙනවා. මෙහි ප්‍රධාන කතා නායිකාවගේ චරිතය Aubrey Plaza විසින් රඟදක්වනවා.

මේකේ කතන්දරය මෙහෙමයි. ණය, ගෙවල් කුලී වලින් හිර වුනු කෙල්ලෙක් ඉන්නවා. එයාට එයාගේ පඩිය මදි මේවා ඔක්කොම ගෙවා ගන්න. අලුතෙන් ජොබ් ඉන්ටර්විවිස් වලට ගියත් ඒවත් අනාගන්නවා. ඉතිං මේ අතරෙදි තමයි, මෙයාට යාලුවෙක් මාර්ගයෙන් වැඩිපුර සල්ලි හොයන්න පුලුවන් අලුත් ජොබ් එකක් ගැන දැන ගන්න ලැබෙන්නේ. ඒක හැබැයි නීතිවිරෝධී වැඩක්. ඉතිං මේ අලුත් ජොබත් එක්ක මෙයා මොනවා කරගනියිද? බලලම ඉන්නකෝ එහෙනම්.ඔබට ජය!!!

Comments

October 16, 2025

❤️