EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Escape from Pretoria (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageEscape from Pretoria (2020) | වර්ණභේදයට එරෙහිව හිරෙන් පැන යාම!
සාහසික බන්ධනාගාර පාලකයන්ගෙ ඇසට මුවාවී,
ඔබේ නිදහස වෙනුවෙන්…
අගුලු දාපු ආරක්ෂිත වානේ දොරවල් 9 ක් විවෘත කරන්න…
සිර කුටියේ ඇති ලී කැබලි වලින්,
ඔබට පුළුවන්ද යතුරු හදන්න?
ඔබට ඒ සඳහා ධෛර්යයක් තිබේද සහෝදරවරුනි?
පිළිතුර ‘නැත’.
මා ඔබට දොස් නගන්නෙ නැත.
මන්ද යත් මටද එවන් ධෛර්යයක් නැත,
නමුත්…
නමුත් ටිම් ජෙන්කින් එසේ කළ අතර, 1979 දී ප්‍රිටෝරියා බන්ධනාගාරයේ පාලකයන්ගේ ඇසට මුවාවී තමන්ගේ සිරකුටිය තුළදීම නිර්මාණය කර ගත් යතුරු භාවිතයෙන් සිරෙන් පැන යාමට තරම් ඔහුට ශක්තියක් ධෛර්යයක් තිබුනු බව ඇසීමට පවා පුදුමයකට කරුණකි. දේශපාලන සිරකරුවන් තිදෙනෙකු දකුණු අප්‍රිකාවේ ඉහළම ආරක්ෂක බන්ධනාගාරයකින් පිටතට පැමිණියේ කෙසේද?
අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) වෙනුවෙන් වැඩ කිරීම නිසා 1978 දී සිරගත කරන ලද සුදු ජාතික අප්‍රිකානු ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ජෙන්කින් සහ ස්ටීවන් ලීගේ කතාව සහ කුප්‍රකට ‘සුදු මිනිසාගේ රොබන් දූපත‘ වූ ප්‍රිටෝරියා බන්ධනාගාරයෙන් පැන යාම පිළිබඳ කථාව මෙම සිනමාපටයෙන් මනාව විදහා දක්වයි. තම සිරකරුවන් පැන යාමෙන් ලැජ්ජාවට පත් වර්ණභේදවාදී ආරක්ෂක අංශය පවසා සිටියේ ඔවුන්ට උදව් කිරීම සඳහා එක් පාලකයෙකු හට අල්ලස් දී තිබුණු බවයි. නමුත් සත්‍යය ඊට හාත්පසින්ම වෙනස් විය. ප්‍රිටෝරියා වෙතින් පැන යාම හුදෙක් සාමාන්‍ය සිරගෙයකින් පැන යාමක් නොව ඉවසිලිවන්තකම, සූක්ෂම අවධානය පිරුණු මිනිසෙකුගේ විශිෂ්ට ජයග්‍රහණයකි.
නිදහස උදෙසා ජෙන්කින් විසින් කළ, අදහාගත නොහැකි ආකාරයේ වීරක්‍රියා පිළිබඳව 2003 වර්ෂයේ ඔහු විසින් රචනා කොට ප්‍රකාශයට පත් Inside Out: Escape from Pretoria Prison කෘතිය පදනම් කරගනිමින් මෙහි තිර රචනය සිදු කොට ඇති අතර පොතෙහි සඳහන් තොරතුරු ඒ ආකාරයෙන්ම භාවිතා කර ඇත. එම කෘතියෙහි බන්ධනාගාරයේ ඡායාරූප, ගොඩනැගිලි සැලැස්ම, යතුරු සාදා ගත් ආකාරයට සහ විවිධ යාන්ත්‍රණ වලට අදාල කටුසටහන් ආදිය සියල්ලද ඇතුලත් වේ. සත්‍ය කතාව සමඟ මෙය කෙතරම් සබැඳියාවක් පවතීද යත්, මෙහි අවසාන දර්ශනයේ දොරක් විවෘත කිරීමට මොවුන් යොදා ගන්නා ඉස්කුරුප්පු නියන එකල ජෙන්කින් විසින් සැබෑවටම භාවිතා කළ මෙවලමයි. තවදුරටත් ජෙන්කින් පවසන පරිදි ඔවුන් පැන ගත් විගසම යතුරු සියල්ලම අතහැර දැමූ නමුත් ඒ මෙවලම පමණක් ඔවුන් සන්තකයේ තබා ගෙන ඇත්තේ ආරක්ෂාව පිණිසය. අද වන විට එම ඉස්කුරුප්පු නියන මතක සටහනක් ලෙස ඔහු සතුව පවතී.
ඔබ අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ඩැනියෙල් රැඩ්ක්ලිෆ් (හැරී පෝටර්) මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වන අතර ඩැනියෙල් වෙබර් විසින් ස්ටීවන් ලී සඳහාත්, ඉයන් හාට් විසින් ඩෙනිස් ගෝල්ඩ්බර්ග් සඳහා පණපොවයි. ඉයන් හාට් සහ ඩැනියෙල් හැරී පෝටර් කතා මාලාවේදී දෙවන කතාංගයේදීද එකට රඟපෑමේ යෙදී ඇත. මෙම චිත්‍රපටය තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද්දේ ෆ්‍රැන්සිස් අන්නන් විසිනි. මෙම චිත්‍රපටය ඕස්ට්‍රේලියානු-එක්සත් රාජධානියේ සම නිෂ්පාදනයකි. 2020 මාර්තු 6 වන දින නිකුත් කරන ලද මෙම චිත්‍රපටය ලොව පුරා කාගෙත් අවධානය ලබා ගැනීමට සමත් වී තිබේ. IMDB හි 6.6 ක හා rotten tomatoes හි 71%ක විචාරයක් ලබා ගත් මෙම චිත්‍රපටය රසවිඳින්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.












